Sunday, November 15, 2026
HomeNEWSරනිල්, මංගල, පාඨලී, අනුර සහ සම්බන්ධන් ඇතුළු පිරිසක් කොමිසමට

රනිල්, මංගල, පාඨලී, අනුර සහ සම්බන්ධන් ඇතුළු පිරිසක් කොමිසමට

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර,අනුර කුමාර දිසානායක, එම්.ඒ.සුමන්තිරන් යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයින් පිරිසක් අද (19) දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

ඒ අද පෙරවරු 10 ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට කළ දැනුම්දීමකට අනුවය.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරු 10 ට පමණ දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියේය.

එමෙන්ම යහපාලන රජයේ පැවති දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයින් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, මලික් සමරවික්‍රම, අනුර කුමාර දිසානායක සහ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් ද අද පෙරවරුවේ ජනපති කොමිසම හමුවේ පෙනී සිටි බව අප වාර්තාකරු පැවසීය.

රාවුෆ් හකීම්, ආර්. සම්බන්ධන් සහ සරත් ෆොන්සේකා, යන මහත්වරුන් අද දිනයේ ජනපති කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතය.

දිවි නැගුම හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළ ව වගඋත්තරකරුවන් ලෙස නම්කළ ඔවුන්ට එසේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණි.

ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව උදෑසන 11.30ට පමණ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එම්.ඒ. සුමන්තිරන් මහතා හා අනුර කුමාර දිසානායක මහතා කොමිසමෙන් පිටව ගොස් ඇත.

මේ අතර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ද දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට අද පෙරවරුවේ එහි පැමිණියේය.

නීත්‍යානුකූල ආකාරයෙන් ගෙන්වන ලද කන්ටේනර් රථයක් නීතිවිරෝධීව රේගුව තුළ රඳවා ගනිමින් නඩු පැවරීමෙන් තමන් දේශපාලන පලිගැනීමට ලක්වූ බව පවසා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු කොමිසම හමුවේ පෙනී සිටින බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img