Sunday, October 25, 2026
HomeNEWSLatest NewsLockdown ප්‍රදේශවලින් කාර්යය මණ්ඩල කැඳවා ගැනීමට නව ක්‍රමවේදයක් - පෙර නිකුත් කළ...

Lockdown ප්‍රදේශවලින් කාර්යය මණ්ඩල කැඳවා ගැනීමට නව ක්‍රමවේදයක් – පෙර නිකුත් කළ ඇඳිරිනීති බලපත් වලංගු නෑ

Lockdown ප්‍රදේශවලින් කාර්යය මණ්ඩල කැඳවා ගැනීමට නව ක්‍රමවේදයක් – පෙර නිකුත් කළ ඇඳිරිනීති බලපත් වලංගු නෑ

දිවයිනේ යම් ස්ථානයක අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා සංචරණ සිමා පනවා ඇති ප්‍රදේශවලින් කාර්යය මණ්ඩලය ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය වූ අවස්ථාවලදී ඒ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත දැනුම් දී ඒ ඒ අවස්ථාවට අනුකූලව අවසර ගත යුතු බව දන්වා සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොවිඩ් මර්දන කටයුතු පහසු කරවීම සඳහා දිවයිනේ තෝරාගත් ප්‍රදේශ ගණනාවක දැඩි සංචරණ සිමා පනවා ඇති බවත් ඒ හේතුවෙන් එම ප්‍රදේශවලට හෝ එම ප්‍රදේශවලින් පිටතට මහජන සංචරණය දැඩිලෙස සීමා කර ඇති බවත් නිවේදනයක් නිකුත්කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

එම නිසා දිවයිනේ අනෙක් ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙනයැමට අනිවාර්යයෙන් අවශ්‍ය පිරිස් ඉහත ප්‍රදේශවලින් ගෙන්වා ගැනීමට නොහැකිවීම ගැටලුවක් වීම හේතුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

මේ අතර පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබූ ප්‍රදේශ හරහා ගමන් කිරීමට නිකුත් කර තිබු ඇඳිරිනීති බලපත් හුදකලා කර ඇති ප්‍රදේශ හරහා ගමන් කිරීමට වලංගු නොවන බවය.

ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ගත යුතු බව එම නිවේදනයේ දැක්වේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි.. ශ්‍රී ලංකාවටත් බලපෑම්

බෙංගාල බොක්කේ පීඩන අවපාතය මෑත කාලීනව කලාපයට බලපාන චණ්ඩ සුළි කුණාටුවක්ව (අර්නාබ්) බාපට්ලා සහ විශාකාපට්නම් අතර ප්‍රදේශයෙන් (10/28) ගමන් කිරීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.එහි...

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img