Friday, April 24, 2026
HomeNEWSLatest NewsLockdown ප්‍රදේශවලින් කාර්යය මණ්ඩල කැඳවා ගැනීමට නව ක්‍රමවේදයක් - පෙර නිකුත් කළ...

Lockdown ප්‍රදේශවලින් කාර්යය මණ්ඩල කැඳවා ගැනීමට නව ක්‍රමවේදයක් – පෙර නිකුත් කළ ඇඳිරිනීති බලපත් වලංගු නෑ

Lockdown ප්‍රදේශවලින් කාර්යය මණ්ඩල කැඳවා ගැනීමට නව ක්‍රමවේදයක් – පෙර නිකුත් කළ ඇඳිරිනීති බලපත් වලංගු නෑ

දිවයිනේ යම් ස්ථානයක අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා සංචරණ සිමා පනවා ඇති ප්‍රදේශවලින් කාර්යය මණ්ඩලය ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය වූ අවස්ථාවලදී ඒ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත දැනුම් දී ඒ ඒ අවස්ථාවට අනුකූලව අවසර ගත යුතු බව දන්වා සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොවිඩ් මර්දන කටයුතු පහසු කරවීම සඳහා දිවයිනේ තෝරාගත් ප්‍රදේශ ගණනාවක දැඩි සංචරණ සිමා පනවා ඇති බවත් ඒ හේතුවෙන් එම ප්‍රදේශවලට හෝ එම ප්‍රදේශවලින් පිටතට මහජන සංචරණය දැඩිලෙස සීමා කර ඇති බවත් නිවේදනයක් නිකුත්කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

එම නිසා දිවයිනේ අනෙක් ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙනයැමට අනිවාර්යයෙන් අවශ්‍ය පිරිස් ඉහත ප්‍රදේශවලින් ගෙන්වා ගැනීමට නොහැකිවීම ගැටලුවක් වීම හේතුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

මේ අතර පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබූ ප්‍රදේශ හරහා ගමන් කිරීමට නිකුත් කර තිබු ඇඳිරිනීති බලපත් හුදකලා කර ඇති ප්‍රදේශ හරහා ගමන් කිරීමට වලංගු නොවන බවය.

ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ගත යුතු බව එම නිවේදනයේ දැක්වේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img