Monday, September 14, 2026
HomeNEWSඅරවින්ද, ගම්මන්පිල යළි පාසල් යති

අරවින්ද, ගම්මන්පිල යළි පාසල් යති

කොළඹ ඩී ඇස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද Back to School සහ Back to Sportmeet වැඩසටහන පසුගියදා එම විද්‍යාලයේදී පැවැත්වුණා. වැඩසටහන පාසල් ඉතිහාසයේ පළමු වරට පැවති බවයි ආදි ශිෂ්‍ය සංගමය පැවසුවේ. ආදි සේනානායකයන් වන සුමිත්‍රා ගාර්මන්ට් අධිපති ජාෆර් සතාර්, ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන, හිටපු ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වා, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මෙහිදී 2008 වසරේ රුදුරු කොටි ත්‍රස්තවාදයෙන් ජීවිතක්‍ෂයට පත් වූ පැසි පන්දු ක්‍රීඩකයින් සැමරීමද එහිදී සිදුවූ අතර පාසලේ අධ්‍යාපනය ලැබූ මියගිය රණවිරුවන් සැමරීමද මෙහිදී සිදු වූ තවත් අංගයක්. පාසල් ඉතිහාසයේ ප්‍රථම Back to Sportmeet වැඩසටහනද විද්‍යාලීය නව ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර ආදි ගුරු භවතුන් සහ ආදි සිසුන් විශාල පිරිසක් ඊට එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img