Monday, September 21, 2026
HomeNEWSඅවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මේ සඳහා අනුකූල නොවන සමාගම් සඳහා ගෝලීය ආදායමෙන් 10%ක් දක්වා දඩ මුදල් අය කිරීමටත් ඔහු විසින් යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එරට දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් සිදුවන හානිය පිළිගත නොහැකි බවය.

සමාජ මාධ්‍ය ඔවුන්ව හානියට පත් කරන මෙන්ම ඇබ්බැහි කරවන සුළු බවත් එය ඔවුන්ට මුහුණ දීමට නොහැකි පීඩනවලට නිරාකරණය කරමින් සිටින බවටත් ඔහු පවසා තිබේ.

මේ හේතුවෙන් ඔවුන්ගේ පවුල් ජීවිතයට මෙන්ම මානසික සෞඛ්‍යට බලපෑම් කරන බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇති අතර ඒ අනුව මෙම පනත් කෙටුම්පත නවසීලන්ත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img