Thursday, July 23, 2026
HomeNEWSLatest Newsඅගමැතිවරයා ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසූරිය මහතාට කෘතවේදීත්වය පළකරයි

අගමැතිවරයා ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසූරිය මහතාට කෘතවේදීත්වය පළකරයි

අගමැතිවරයා ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසූරිය මහතාට කෘතවේදීත්වය පළකරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ 82 වන රැස්වීම අද (03) පස්වරුවේ එහි සභාපති ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පැවති අතර අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මහින්ද සමරසිංහ  සහ බිමල් රත්නායක යන මහත්වරු ඊට සහභාගී වූහ. ඔවුනට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඩ් යූසුෆ් සහ නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද ඊට එක්ව සිටියහ.

ආරම්භයේදීම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පිළිගනු ලැබු ගරු හිටපු කථානායනවරයා ඉතා කාර්ය බහුල වකවානුවක රැස්වීමට සහභාගිවීම පිළිබදව සියලු දෙනාටම ස්තූතිය පළකර සිටියේය.

ඉන්පසුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට , මානව හිමිකම් කොමිෂන් සභාවට සහ හානි පූර්ණය පිළිබද කාර්යාලයේ පවතින පුරප්පාඩු සදහා ඉදිරිපත්කර ඇති නාමයෝජනා සාකච්ඡාවට ලක්කළ ව්‍යවස්ථා සභාව ඒපිළිබද අවසන් තීරණයක් ගැනීම ලබන රැස්වීම දක්වා කල් තැබීමට තීරණය කරන ලදී.

අනතුරුව මුදල් කොමිසම, සීමා නිර්ණය පිළිබද කොමිෂන් සභාව,විගණන සේවා කොමිසම සහ ජාතික ප්‍රසම්පාදන කොමිසම විසින් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත්කර තිබූ කාර්තු වාර්තා ඇගයීමට ලක්කරන ලදී.

එමෙන්ම මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වන ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය විසින් එම තනතුරෙන් ලබන සැප්තැම්බර් 01 වැනිදා සිට ඉවත්වන බව දන්වමින් එවා තිබු ඉල්ලා අස්වීමේ ලිපිය අවධානයට ලක්කළ ව්‍යවස්ථා සභාව එම කොමිෂන් සභාවේ තත්ත්වය ඉහල නැංවීමට සභාපතිනිය ලෙස ඇය විසින් ඉටුකළ මෙහෙය ඇගයීමට ලක් කළේය.තවද පසුගිය කාලය තුළ ලොව අනෙකුත් මානව හිමිකම් කොමිෂන් සභා අතර මෙම මානව හිමිකම් කොමිෂන් සභාව ඉහල තත්ත්වයකටද පත්වීම ද සිදුවූ බවත් ඒ සදහා ඇය විසින් ඉටුකළ කාර්යභාරය සුවිශේෂි බවද එතුමා සදහන් කළේය.  

ඉහත කරුණු සාකච්ඡා කිරීමේන් අනතුරුව අදහස් දැක්වූ සභාපතිවරයා තමන් විසින් සභාපතීත්වය දරණ අවසාන ව්‍යවස්ථා සභා රැස්වීම මෙය බවත් මෙතෙක් එහි කටයුතු පවත්වා ගෙන යාම සදහා ගරු අගමැතිවරයා ඇතුළු සාමාජිකයන්ගෙන් ලැබුණු සහයෝගය පිළිබදව සිය කෘතවේදිත්වය පළ කළේය.එමෙන්ම ව්‍යවස්ථා සභාව විසින් සියලු තීරණ ගනු ලැබුවේ සියලු සාමාජිකයන් ඉදිරිපත් කළ කරුණු සාකච්ඡාවට ලක්කරමින් සියලු දෙනාගේම එකගත්වය ඇතිව බවද කරු ජයසූරිය මහතා සදහන් කළේය.

ඒ අතරම ව්‍යවස්ථා සභාවේ සියලු රැස්වීම් ඉතා කාර්යක්ෂමව සහ විධිමත්ව පැවැත්වීමට පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් ලැබුණු සහයෝගය පිළිබදවද සභාපතිවරයා සිය ස්තුතිය පළ කළේය.එමෙන්ම සභාපතිවරයා ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන්ට ද සිය කෘතවේදිත්වය පළ කළේය.

මේ අවස්ථාවේදි අදහස් දැක්වු ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ව්‍යවස්ථා සභාවේ සියලු රැස්වීම් සුහද වාතාවරණයක් තුළ පැවැත්වීමත් සියලු සාමාජිකයන්ගේ අදහස්වලට ඉඩ ප්‍රස්ථා සලසා දීම පිළිබදවත් තම කෘතවේදීත්වය කරු ජයසූරිය මහතා වෙත පළ කර සිටියේය. හිටපු කථානායකවරයා සම්බන්ධයෙන් ගරු අගමැතිවරයා පළ කළ අදහස් සමග තමන්ද එකගවන බව මහින්ද සමරසිංහ මහතා සදහන් කළේය.

සභාපති කරු ජයසූරිය මහතා එම තනතුරේ සිටිමින් කළ මෙහෙවර ඇගයීමට ලක්කළ බිමල් රත්නායක මහතා කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුව වෙනුවෙන් සැම විටම පෙනී සිටි සුවිශේෂි කථානායකවරයෙකු බවද සදහන් කර සිටියේය.එමෙන්ම නවීන අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් පාර්ලිමේන්තු කටයුතු ඉහළ නැංවීම  සදහා කථානායකවරයා ප්‍රධාන භූමිකාවක් ඉටුකළ බවද බිමල් රත්නායක මහතා ප්‍රකාශකර සිටියේය .

සිවිල් සංවිධාන නියෝජිත ජාවිඩ් යූසුෆ් මහතා අදහස් දක්වමින් සභාපතිවරයා ව්‍යවස්ථා සභාව තුළදී විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළ හා විවිධ මතයන් දැරූ සියලු දෙනාගේම අදහස්වලට ගරු කරමින් හා ඒවාට ඉඩකඩ ලබා දෙමින් ඉතා සමබර කාර්යභාරයක් ඉටුකළ බව සදහන් කළේය. නාගනාදන් සෙල්වකුමාරන් මහතාද හිටපු සභාපතිවරයාගේ සේවය ඇගයීමට ලක්කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇ:ඩො: 3 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 95 ක මට්ටමට ලඟා වෙයි: විදෙස් මාධ්‍ය.

ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි: විදෙස් මාධ්‍ය.

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img