Monday, September 21, 2026
HomeNEWSඅද බුද්ධශාසන කැබිනට් අමාත්‍යාංශයක් නැහැ- විපක්ෂ නායක සජිත්

අද බුද්ධශාසන කැබිනට් අමාත්‍යාංශයක් නැහැ- විපක්ෂ නායක සජිත්

*ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනේ බුද්ධ ශාසනයට ඉහළම තැනක් දුන්නට අද රටේ බුද්ධශාසන කැබිනට් අමාත්‍යාංශයක් නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්බුද්ධ ශාසනයට සුවිශේෂී ස්ථාවරයක් ලබා දී ඇති බවත් රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධශාසන අමාත්‍යාංශයක් සහ බුද්ධශාසන අරමුදලක් ඇති කර සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න රාජ්‍ය නායකයා ලෙස සිය වගකීම ඉටු කළ බවත් රටේ උත්තරීතර නීතිය තුළ බුදුසසුන ශක්තිමත් කර ආරක්ෂා කිරීමට ඉහළතම ස්ථාවරයක් ලබා දෙන්න සඳහන් වී ඇති මොහොතක බුද්ධශාසන අමාත්‍යාංශයක් ස්ථාපිත කරන්න ලැජ්ජා වීම අවශ්‍ය නොවන බවත් බුද්ධශාසන කැබිනට් අමාත්‍යාංශයක අවශ්‍යතාව රටට අවශ්‍ය මෙන්ම සෙසු ආගම්වලට නිසි ස්ථාවරය ලබා දෙමින් ඒ ඒ ආගම් නියෝජනයට රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපිත කළ යුතු වුවත් අද එය සිදු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ පැවැති කඨින පුන්‍යකර්මය සඳහා එක්වෙමිනි. වසර 5ක කාලයක සිට ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ වස් ආරාධනා කිරිම හා කඨින මහා පිංකමට දායකත්වය ලබා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ ආදරණීය බිරිඳ කටයුතු කර තිබේ.*අද වැනි යුගයක බෞද්ධ අප සියලු දෙනාගේ පූර්ණ අවධානය සම්බුද්ධ ශාසනයේ උන්නතිය හා චිරස්ථිතිය උදෙසා ක්‍රියාත්මක කරන්නට සෑම බෞද්ධයකුම කටයුතු කළ යුතු බවත් සෑම අතකින්ම සම්බුද්ධ ශාසනය විවිධ බලවේග හා අභියෝගවලට ලක් වෙමින් ඇති බවත් යම් යම් විජාතික කණ්ඩායම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ ධර්මය විකෘති කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*සංහිදියාව කට වචනයට සීමා නොකර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතුයි*රටේ සෛරීත්වය ඒකීයභාවය සංහිදියාව සහෝදරත්වය අතිශයින්ම ශක්තිමත් වන තත්ත්වයක් මේ තුළින් නිර්මාණය වන බැවින් කළ හැකි උපරිමය ඉටු කරන බවත් මෙරට තුළ නැවත වරක් බුද්ධශාසන අමාත්‍යාංශයක් ස්ථාපිත විය යුතු සේම අනෙකුත් ආගම් නියෝජනය වන රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපිත විය යුතු බවත් සංහිදියාව කටවචනයට ප්‍රකාශයට පමණක් සීමා නොවී සම්බුද්ධශාසනයට මුල්තැන ලබා දෙමින් සියලු ජාතීන් අතර එකමුතුභාවය සහෝදරත්වය ක්‍රියාත්මක විය යුතු බවත් මේ තුළින් සාමය සමෘද්ධිය සෞභාග්‍ය උදාවෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.අටමහා කුසල් අතරින් ශ්‍රේෂ්ඨතම පුන්‍යකර්මය වන්නේ කඨින මහා පිංකම බවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ විනය නීතිවලින් සමන්විත චාරිත්‍රානුකූලව වර්ෂයකට එක් වරක් පමණක් එකම විහාරස්ථානයක සැදැහැවතුන්ගේ මුලිකත්වයෙන් සිදුවන එකම පිංකම ලෙස මෙය හැදින්විය හැකි බවත් මේ පිංකම් සංස්කෘතිය අඛණ්ඩව නොකඩවාම එදා රජ දවසේ සිට ක්‍රියාත්මක වූ බවත් මේ ක්‍රියාදාමය ඉදිරියටත් ක්‍රියාත්මක කරමින් තන්තිරිමලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගෙන ආගමික සංවර්ධන ක්‍රියාදාම ඇතුළත්ව සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා සිදු කරන සෑම ක්‍රියාදාමයකටම සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.තිස්සමහාරාම රජමහා විහාරස්ථානය, මහියංගන විහාරස්ථාන, සෝමාවති විහාරස්ථානය, ශ්‍රී දළදා මාළිගාව, තන්තිරිමලේ රජමහා විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන 22කට වැඩි ප්‍රමාණයකට දායකත්වය ලබා දී ඇති බවත් ප්‍රායෝගික බෞද්ධයන් ලෙස සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මේ කාර්ය සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.සෑම වසරකම ඔක්තෝබර් මාසයට යෙදී ඇති කඨින මහා පුණ්‍යෝත්සවය නිමිති කර ගෙන ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරයේ වාර්ෂික කඨින මහා පුණ්‍යෝත්සවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බැතිබර දායකත්වයෙන් මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.ශ්‍යාමෝපාලී මහා වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක, ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා ආශිර්වාද ඇතිව ඔක්තෝබර් 17 සහ 18 යන දෙදින තුළ මෙම කඨින මහා පුණ්‍යෝත්සවය පැවැත්විණි.NEWS CLIP 🧧 https://youtu.be/RQ9pV1oohJk?si=5n5gw5TWV5vFZ3wt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img