Monday, September 21, 2026
HomeNEWSගුවන් යානයක් මුහුදට කඩා වැටෙයි

ගුවන් යානයක් මුහුදට කඩා වැටෙයි

හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් අසල තිබූ වාහනයකද ගැටී මුහුදට වැටී තිබේ.අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ තුර්කි භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් වන Air ACT සතු බෝයිං 747-481 ගුවන් යානයක් වන EK9788 එමිරේට්ස් ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවය.අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගුවන්තොටුපොළ වාහනයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකි.කෙසේ නමුත් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු දිවි ගලවා ගැනීමට සමත්ව ඇති අතර ඔවුන් රෝහල් ගත කිරීමටත් පියවර ගෙන තිබේ.මේ සමග බලපෑමට ලක්වූ ධාවන පථය වසා දැමීමට ගුවන් තොටුපොළ බලධාරීන් තිරණය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img