Monday, August 3, 2026
HomeNEWSජිනීවා විවාදය ලබාදෙනවා- ඇමති විජිත පාර්ලිමේන්තුවට කියයි

ජිනීවා විවාදය ලබාදෙනවා- ඇමති විජිත පාර්ලිමේන්තුවට කියයි

ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කළ යෝජනාව ඇතුළු ඊට සම්බන්ධ අනෙකුත් කරුණු පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ලබාදිය හැකි බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රකාශ කළේය. එම විවාදය වෙනුවෙන් ලබන 04 වැනිදා ලබාදීමට මිට පෙර එකඟ වූවද එම දිනයේදී වතිකානු විදේශ ඇමතිවරයා මෙරටට පැමිණෙන බැවින් එදිනට තමන් කාර්ය බහුල වන බැවින් වෙනත් දිනයක් අදාළ විවාදය වෙනුවෙන් ලබාදිය හැකි බවද අමාත්‍යවරයා පැවසීය. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිල මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ අදාළ විවාදය වෙනුවෙන් අයවැය විවාදය සමයේදී විදේශ කටයුතු අමාත්‍යාංශය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේදී පැය දෙකක කාලයක් කාලය දීර්ඝ කර විවාදය ලබාදීමේ හැකියාවද ඇති බවයි. එසේ නොමැති නම් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර විවාදය සඳහා වෙනත් දිනයක් ලබාදිය හැකි බවද අමාත්‍යවරයා පැවසීය. එහිදි අදහස් දැක්වූ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර දිනයක් වෙන්කිරීමට පියවර ගන්නා බවයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සංවත්සරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කළා. විදේශ කටයුතු ඇමතිවරයා මේ සභාවට ඒ ගැන පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරු සභාව තුළ ප්‍රශ්න කිරීම් සිදුකරනකොට අපි ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියා. එම යෝජනාවට විදේශ කටයුතු ඇමතිවරයා කැමැති වී එකඟත්වය පලකළා. පාර්ලිමේන්තු කටයුතු සභාවේදී ඒ සඳහා 04 වනදාා දිනය ලබාදිය හැකි බවත් ප්‍රකාශ වුණා. නමුත් එදිනට විදේශ කටයුතු ඇමතිවරයා කාර්ය බහුල බැවින් එදින ලබාදීම අපහසු බව අපට වාර්තා වී තිබෙනවා. ආපහු පාර්ලිමේන්තු 07 වැනිදා රැස්වන්නේ අයවැයට. දෙසැම්බර් 05 වනදා දක්වාම අයවැය යනවා. ඉන් පසුව මා දන්නා තරමට පාර්ලිමේන්තුව මේ වසරේ රැස් වන්නේ නැහැ. ඒ නිසා විදේශ ඇමතිවරයා සිටින අවස්ථාවේ විමසන්නේ අපට ඒ වෙනුවෙන් අවස්ථාවක් දෙන්න පුුළුවන්ද. එහෙම නැත්තම් විදේශ කටයුතු කාරක සභා අවස්ථාවේදී පැය දෙකක්වත් දෙන්න පුළුවන්ද.විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාඒ පිළිබඳ විවාදයකට කාලය ලබාදීමට අපි සූදානම්. ප්‍රශ්නය තිබෙන්නේ 04 වැනිදා වතිකානු විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකාවට පැමිණිනෙවා. එතුමා සමඟ සාකච්ඡාවන් පැවැත්වෙනවා. ඒ වගේම රජයන් දෙක අතර ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමටත් නියමිතයි. ක්‍රියාකාරකම් කිහිපයක් එදිනට තිබෙනවා. ඒ අනුව අපට ප්‍රශ්නය තිබෙන්නේ එම විවාදය වෙනුවෙන් 04 වනදා දිනය ලබාදීමයි. ඔබතුමා කියපු විදිහට අයවැය විවාදයේදී පැය දෙකක කාලයක් විවාදය දීර්ඝ කර කරමු. ප්‍රශ්නයක් නැහැ. වෙනම දවසක් අවශ්‍යනම් පාර්ලිමේන්තු කටයුකු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර දිනයක් වෙන්කරමු. ප්‍රශ්නයක් නැහැ.කතානායකවරයාඑහෙමනම් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳකාරක සභාවේදී මේ ගැන සාකච්ඡා කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක්

ඉදිරි පැය 24 කාලය තුළ දොම්පේ, සීතාවක, හෝමාගම, කඩුවෙල, බියගම සහ කොළොන්නාව ප්‍රා. ලේ. කොට්ඨාශවලට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණය ගැන අධිකරණ ඇමතිවරයා මහානාහිමිවරුන් දැනුම්වත් කරයි

විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කරනු ලැබුවේ කිසිසේත්ම එක් විනිසුරුවරයෙකු පමණක් ඉලක්ක කර ගනිමින් නොවන බවත් සමස්ත අධිකරණ පද්ධතිය තුලම...

මාර්ග ආරක්ෂණය සමාජගත කිරීම සඳහා රියදුරන්ට සන්නිවේදකයින් ලෙස ක්‍රියා කළ හැකියි- ඇමති බිමල්

මාර්ග අරක්ෂණ ජාතික වැඩසටහන යටතේ පෞද්ගලික අංශ සම්බන්ධ කරගනිමින් 100 for 100 වැඩසටහනඇරඹෙයි …! මාර්ග ආරක්ෂණ ජාතික වැඩසටහනේ පණිවිඩය සමාජ ගත කරන්න රියදුරන්, සන්නිවේදකයින් ලෙස...

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසමින් මහානාහිමිවරුන් ජනපතිට ලිපියක් යවා තිබෙනවා – නීතිඥ සංගමයේ සභාපති

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් තමන්ට පැවසූ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img