Wednesday, September 9, 2026
HomeNEWSආදරවන්තයින්ගේ සටනට ප්‍රධාන අනුග්‍රහය අවියානා සිලෝන් (Aviyana Ceylon)

ආදරවන්තයින්ගේ සටනට ප්‍රධාන අනුග්‍රහය අවියානා සිලෝන් (Aviyana Ceylon)

ආදරවන්තයින්ගේ සටනට ප්‍රධාන අනුග්‍රහය අවියානා සිලෝන් (Aviyana Ceylon)ගාල්ල රිච්මන්ඩ් – මහින්ද විද්‍යාලාන්තර මහා ක්‍රිකට් ගැටුම, “ආදරවන්තයින්ගේ සටන” 121 වරට හෙට(19) 20.21 යන දිනයන්හිදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.මේ සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ ශ්‍රී ලංකාවේ පළමු තරු 7 හෝටලය වන අවියානා සිලොන්(Aviyana Ceylon) හෝටල් සමුහයයි.මේ සදහා මාධ්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුව ගාල්ල ජෙට්වින් ලයිට් හවුස් හෝටලයේදී පසුගියදා පැවැත්විණි.ආදරවන්තයින්ගේ සටන සඳහා අනුග්‍රාහක චෙක්පත අවියානා සිලෝන්හි සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා විසින් විද්‍යාලයේ විදුහල්පතිවරුන්ට ප්‍රධානය කිරීම මෙහිදී සිදුවිය.විද්‍යාල දෙකේ ක්‍රිකට් කණ්ඩායම් දෙක වෙත ක්‍රිඩා කිරීම සඳහා නිල ඇඳුම් ලබාදීම මෙහිදී සිදුකෙරුණේද අවියානා සිලෝන් සභාපති ආචාර්ය තිසර හේවාවස්ම් මහතා අතිනි.ආචාර්ය තිසර හේවාවසම් මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යකු විමද විශේෂත්වයකි.රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා ලෙස බෙවින් ජයවර්ධන සහ මහින්ද විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා ලෙස අරෝෂ උදයාංග කටයුතු කරයි.මාධ්‍ය හමුව සදහා රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති රුසිර මද්දුමහේවාගේ මහතාද, මහින්ද විද්‍යාලයේ විදුහල්පති ජනක පේදුරුහේවා මහතාද එක්ව සිටියහ.121 වෙනි ආදරවන්තයින්ගේ සටන, ගාල්ල රිච්මන්ඩ්- මහින්ද විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරඟය සඳහා මෙවර ප්‍රධාන අනුග්‍රහය ලබාදෙන ශ්‍රී ලංකාවේ පළමු තරු හතේ හෝටලය වන අවියානා සිලෝන් හෝටල් සමූහය මෙරට සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා දැවැන්ත දායකත්වයක් ලබාදීමට සූදානමින් සිටි. මෙම මාධ්‍ය හමුවට රිච්මන්ඩ්, මහින්ද විද්‍යාලවල ගුරුවරු ආදිශිෂ්‍යයෝ ඇතුළු පිරිසක් සහභාගීවුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය...

පෞද්ගලික අංශයටත් දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම ඔක්තෝබර් 01 දා සිට

පෞද්ගලික අංශයටත් seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හරහා online ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම ඔක්තෝබර් 01 දා සිට ...!! දුම්රිය ප්‍රවාහන පහසුකම් ලබාගන්නා මෙරට පෞද්ගලික...

ඩෙංගු හැදුනමත් කොත්තමල්ලි බීලා ගෙදර ඉන්න ඕනද? නාමල් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

ජනාධිපතිතුමා හිතන් ඇති පොළට ගියාම පොළේ තියෙන බඩු වල මිළ ඇහුවාම උණ හැදෙනවා කියලා. ඇත්ත,බඩු මිළ වැඩියි. පොළවල් වලට ගියාම ඒ මිළ ගණන් ඇහුවාම...

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img