Monday, July 13, 2026
HomeNEWSඊශ්‍රායලයේ විශාලතම තෙල් පිරිපහදුවට ඉරාන මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ විශාලතම තෙල් පිරිපහදුවට ඉරාන මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ විශාලම තෙල් පිරිපහදුව ලෙසින් සැලකෙන හයිෆා හි බසාන් සමූහයට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ.එම ප්‍රහාරයෙන් තෙල් පිරිපහදුවට හානි සිදුවී ඇති අතර, එක් අයෙකු සුළු තුවාල ලබා ඇති බව සඳහන්.කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් යටිතල පහසුකම්වලට සැලකිය යුතු හානියක් සිදුව නොමැති බවත්, විදුලිය විසන්ධි වූ බොහෝ නිවාසවල විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති බව ඊශ්‍රායල බලශක්ති අමාත්‍යවරයා පවසා තිබේ.උතුරු ඊශ්‍රායලයේ හයිෆා බොක්කෙහි පිහිටා ඇති බසාන් සමූහය ඊශ්‍රායලයේ විශාලතම තෙල් සැකසුම් මධ්‍යස්ථානය වේ.දත්ත වාර්තාවන්ට අනුව ඊශ්‍රායලයේ පිරිපහදු මධ්‍යස්ථාන දෙකෙන් එකක් වන බසාන්, එරට ඩීසල්වලින් 60%ක් සහ පෙට්‍රල්වලින් 50%ක් නිපදවනු ලබයි.මෙම තෙල් පිරිපහදුවට දිනකට තෙල් බැරල් 197,000ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත.ඉරානය හා ඊශ්‍රායලය අතර පසුගිය වසරේ ජුනි මාසයේදී ඇතිවූ ‘දින 12’ යුද්ධයේදී ද මෙම පිරිපහදුවට ප්‍රහාර එල්ල වූ අතර, ඒ හේතුවෙන් එහි කටයුතු තාවකාලිකව වසාදැමීට ඊශ්‍රායලයට සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img