එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස හිටපු අමාත්‍ය තලතා අතුකෝරළ පත්කෙරේ.එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පක්ෂයේ මහලේකම් ධුරය සදහා තලතා අතුකෝරාළ මහත්මිය පත්කර ඇති බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.තලතා අතු කෝරාල මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකාවක් වන අතරඑක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලයකු වන එම පක්ෂයේ උපනායක හිටපු අමාත්‍ය ගාමිණී අතු කෝරාල මහතාගේද නැගණිය වන්නේය .මේ දක්වා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් වශයෙන් කටයුතු කළේ පාලිත රංගෙ බණ්ඩාර මහතාය.






















