Friday, October 30, 2026
HomeNEWSLatest Newsඑදා රූකඩ පාලන සමයේ ‘ජෝන් කෙරීලා - සමන්තා පවෙල්ලා’ මෙරටට එන විට...

එදා රූකඩ පාලන සමයේ ‘ජෝන් කෙරීලා – සමන්තා පවෙල්ලා’ මෙරටට එන විට හීන් කෙඳිරියක් හෝ නොනැඟූ ‘3% පිම්පියන්’ අද කවර ජාත්‍යන්තර බලවතකු හමුවේ හෝ රට පාවා නොදෙන පාලනයක් බිහිව ඇති මොහොතක ‘බුදු අම්මෝ පොම්පියෝ එනවෝ, එම්සීසී ගිවිසුම අත්සන් කරන්න යනවෝ’ කියමින් මරලතෝනි නඟනවා – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

එදා රූකඩ පාලන සමයේ ‘ජෝන් කෙරීලා – සමන්තා පවෙල්ලා’ මෙරටට එන විට හීන් කෙඳිරියක් හෝ නොනැඟූ ‘3% පිම්පියන්’ අද කවර ජාත්‍යන්තර බලවතකු හමුවේ හෝ රට පාවා නොදෙන පාලනයක් බිහිව ඇති මොහොතක ‘බුදු අම්මෝ පොම්පියෝ එනවෝ, එම්සීසී ගිවිසුම අත්සන් කරන්න යනවෝ’ කියමින් මරලතෝනි නඟනවා
– ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

එදා රනිල් වික්‍රමසිංහගේ රූකඩ පාලන සමයේ ජෝන් කෙරී, සමන්තා පවෙල් වැනි ඇමෙරිකානු ඉහළ පෙලේ රාජ්‍යතාන්ත්‍රිකයන් මෙරටට පැමිණෙන විට හීන් කෙඳිරියක් හෝ නොනැඟූ ‘3% පිම්පියන්’ අද කවර ජාත්‍යන්තර බලවතකු හමුවේ හෝ රට පාවා නොදෙන පාලනයක් බිහිව ඇති මොහොතක ‘බුදු අම්මෝ පොම්පියෝ එනවෝ’ යනුවෙන් මරලතෝනි නැගීම ජනතා අවිශ්වාසය ඇති කිරීම පිණිස සිදු කළ ‘ළඟ චූන්’ පිළිකුල් සහගත ක්‍රියාවක් බව ජානිපෙ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද (29) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“ශ්‍රී ලංකාවට පැමිණ පිටව ගිය ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ සංචාරය පිළිබඳව අපේ රටේ දේශපාලනයේ ඉන්න තක්කඩි ටිකක් සමාජය කලබලයට පත් කිරීම සඳහා අසාර්ථක උත්සාහයක නිරත වූවා. විශේෂයෙන් ‘සජිත් ප්‍රේමදාසගේ අවතැන් වූ දේශපාලන කල්ලියත් 3% රතු කමිසධාරී කල්ලියත් මේ සම්බන්ධයෙන් භීතිකාවක් නිර්මාණය කිරීමට වෙර වීර්ය දැරුවා.

’ළඟ චූන් එකක් ගත්තා’

මයික් පොම්පියෝ නොවෙයි, ඊට වඩා බලවතකු මෙරටට ආවත් එහි ගෞරවය, අභිමානය රැකගෙන, ස්වෛරීත්වය, ස්වාධීනත්වය පාවා නොදී ඒ ඕනෑම කෙනෙකු සමඟ අවශ්‍ය ගනුදෙනු කරන්න පුළුවන් නායකත්වයක් අද බලයට පැමිණ තිබෙනවා. එහෙම නායකත්වයක් බලයේ ඉන්න වේලාවක ‘ඒ පැමිණෙන පුද්ගලයාගේ උවමනාවට අනුව වැඬේ වේවි’ කියා හිතන්න අපට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි අද කලබලයක් නිර්මාණය කරන පිරිස එදා රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයේ දී එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පැමිණි අවස්ථාවේ හීන් කෙඳිරියක්වත් නැඟුවේ නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාවට හතුරු ජාත්‍යන්තර යෝජනා ගෙන ඒමට මුල් වූ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ එවකට ආසියා – පැසිපික් කලාපය භාර ලේකම්වරිය වූ සමන්තා පවෙල් ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ ද මේ අය හීන් කෙඳිරියක්වත් නැඟුවේ නැහැ.

’නරුම ප්‍රාර්ථනාව’

අද පවතින ගෝඨාභය – මහින්ද සුසංයෝගයෙන් හැදුණු ආණ්ඩුවක් බලයේ ඉන්න කොට මේ තක්කඩි කල්ලි ලබා ගන්නේ ‘ළඟ චූන්’ එකක්. මොකද මයික් පොම්පියෝ ලංකාවෙන් පිටව යාමත් සමඟම ඒ ‘චූන්’ එක නැතිව ගියා. මහජනයා තුළ මේ ආණ්ඩුව කෙරෙහි අවිශ්වාසයක් ගොඩනැඟීමේ අවස්ථා ගිලිහී ගියා. මේ අය හිත යටින් ප්‍රාර්ථනා කළා, ‘අනේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කළොත්, අඩුම තරමින් අත්සන් කරන්න කියලා බලපෑම් කළොත් නියමයිනෙ’ කියා. එදා ආරක්ෂක හමුදා කිලිනොච්චිය මුදා ගැනීමට පෙරට යන විට ‘අනේ මෙතැනින් පහර කාලා නතර වේවා’ කියලයි මේ අය නරුම මනසින් ප්‍රාර්ථනා කළේ. අදත් එම නරුම මනසින් තමයි ඉහත ප්‍රාර්ථනාවත් සිදුකළේ.

‘3% මයික් පිම්පියෝ’

මාධ්‍යවේදී ඔබ කවුරුත් දන්නවා ‘එම්සීසී ගිවිසුම අත්සන් කරාවිද?’ කියා ඇසූ ප්‍රශ්නයට මයික් පොම්පියෝ ලබා දුන් උත්තරය. ඔහු පැවසුවේ ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම හෝ නොකිරීම ශ්‍රී ලංකා රජයේ තීරණයක් මිස අපේ තීරණයක් නොවෙයි’ කියලයි. මීට කලින් සිටි පාලකයන් සමඟ පොම්පියෝ සාකච්ඡාවට ආවා නම් මාධ්‍යවේදීන්ට ලැබෙන පිළිතුර මේක නොවෙයි. එදා එම්සීසී මූලික ගිවිසුම හොර රහසේ අත්සන් කරනකොට මේ ‘3% මයික් පිම්පියෝ’ ටික කටක් ඇරියේ නැහැ. අරලියගහ මන්දිරයේ එම්සීසී කාර්යාලය පවත්වා ගෙන යන විට හීන් කෙඳිරියක්වත් නැඟුවේ නැහැ. ඒ වාගේම මේ පිළිබඳව එදා අපි සාගල රත්නායකලාගෙන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනවිට එම්සීසී කාර්යාලය අරලියගහ මන්දිරයේ පවත්වාගෙන යන බව ලේඛන සහිතව ඔප්පු කර පෙන්වන විට මේ අය එක වචනයකින් සහයෝගයකට කතා කළේ නැහැ.

‘කලබල විය යුතු අවස්ථාව’

මේ සියල්ලෙන් පෙනෙන්නේ, රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ නම් ‘හා පොම්පියෝ හා’ කියන තැනටත් ගෝඨාභය රාජපක්ෂගේ අණ්ඩුවක් නම් ‘අම්මෝ පොම්පියෝ මාර භයානකයි’ කියන තැනටත් මේ ‘3% මයික් පිම්පියෝ’ ඇද වැටී ඇති බවයි. අපි කලබල විය යුත්තේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් බලයේ ඉන්න විට පොම්පියෝ ආවා නම් තමයි. එය ‘පරගැතිභාවය සියොළඟ තවරාගත් පාලනයක්’. අද ඇත්තේ ‘ස්වදේශිකත්වය තම ශක්තිය බවට පත්කර ගත් පාලනයක්’.
‘මගේ රටේ ස්වෛරීභාවය, ස්වාධිපත්‍යය ජාත්‍යන්තර සම්බන්ධතා වෙනුවෙනි පාවාදීමට මම සූදානම් නැහැ.’ කියා කියන්න වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂයන්ට කොන්ද පණ තිබුණා. එතුමන් එදා රුවන්වැලි සෑ රඳුන් අභියස ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන් අවස්ථාවේදීත් ඒ අභීත ගුණය පෙන්නුම් කළා. ඒ වාගෙම නිදහස් දිනයේ දී එතුමන් පැවසුවා ‘මාගේ ආරක්ෂක හමුදාවන්ට බලපෑම් කිරීමට කවුරුන් හෝ කටයුතු කරනවා නම් ඕනෑම ජාත්‍යන්තර සංවිධානයකින් ඉවත්වීමට පසුබට වන්නේ නැහැ’ කියා. ඒ නිසා අපි කියනවා ‘මතක තබා ගන්න අද පවතින්නේ ජාත්‍යන්තර බලවතුන් හමුවේ දණ ගහපු කලින් පැවැති ආකාරයේ රූකඩ පාලනයක් නොවෙයි’ කියා.

‘මරලතෝනි දීම’

රූකඩ පාලනයක් තිබිය දී ජෝන් කෙරීලා, සමන්තා පවෙල්ලා එන විට කලබල නොවුණු 3% මයික් පිම්පියෝ ටික අද රූකඩ නොවෙන පාලනයක්, එනම් මේ රටේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය කවර ජාත්‍යන්තර බලවතකු හමුවේ හෝ පාවා නොදෙන පාලනයක් බිහිව තිබෙන අවස්ථාවක ‘බුදු අම්මෝ පොම්පියෝ එනවෝ. අපිව පාවලා දෙන්න යනවෝ, එම්සීසී ගිවිසුම අත්සන් කරන්න යනවෝ’ කියමින් මරලතෝනි දෙන ආකාරය අපි කලබල නොවී බලාගෙන සිටියා. මොකද අපි දන්නවා මේ ළඟ චූන් එක තියෙන්නේ පොම්පියෝ ඇවිත් යනකම් විතරයි කියලා. අපි ඉතා ආඩම්බරයෙන් කියනවා අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා යම් යම් ගිවිසුම් අත්සන් කළ යුතු බවට ඉන්දියානු බලධාරීන්ට කළ බලපෑමවත් ශ්‍රී ලංකාවේ වත්මන් පාලනය ඉදිරියේ සිදු කිරීමට නොහැකි වූ බව.

‘එළුවා රුවුල පාපු කාලය ඉවරයි’

ඒ නිසා මෙතැනදී පැහැදිලිව පෙනෙනවා, ලෝක බලවතා වුවත් හැසිරෙන්නේ යම් රටක පාලකයාගේ හැටි බලලා බව. පාලකයා නිවටයකු නම් ‘එළුවාත් නිවට ඇම්බැට්ටයාට රැවුල පාන’ තත්වය උදා වෙනවා. පාලකයා ඍජු නම්, තම රට පිළිබඳ වගකීමක් දරන්නෙක් නම්, එහි ස්වාධිපත්‍යය ස්වෛරීත්වය, ස්වාධිනත්වය පිළිබඳ පුළුල් හැඟීමක් සහිත කෙනෙක් නම් ඕනෑම ජාත්‍යන්තර බලවතකු ඒ යථාර්ථය පිළිඅරගෙන තමයි රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඉදිරියට ගෙන යන්නේ. ඒ බව සක්සුදක් සේ දන්නා නිසයි ජාතික නිදහස් පෙරමුණේ නායකත්වය මේ පොම්පියෝගේ පැමිණීම පිළිබඳ කලබල නොවුණේ. නමුත් පසුගිය ආණ්ඩුව කාලයේ පොම්පියෝ ආවා නම් අපි කලබල විය යුතුයි. මොකද ඒ ආණ්ඩුව එම්සීසී මූලික ගිවිසුමත් හොර රහසේ අත්සන් කරපු එකක්. සෝෆා, ඇක්සා ගිවිසුම් අත්සන් කරන්න ඔවුන් පියවර ගෙන තිබුණා. එහෙම ආණ්ඩුවක් තිබෙන කොට මුළු රටම ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පැමිණෙන විට කලබල විය යුතුමයි.

‘අමාත්‍ය මණ්ඩලය තුළ’

පසුගිය අමාත්‍ය මණ්ඩලය තුළත් පොම්පියෝගේ පැමිණීම පිළිබඳ පුළුල් සාකච්ඡාවක් ඇති වුණා. එතැනදිත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඉතා පැහැදිලිව කීවා ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සමඟ කිසිසේත්ම එම්සීසී ගිවිසුම අත්සන් කිරීම තබා ඒ පිළිබඳ සාකච්ඡාවක් හෝ සිදු නොවන බව. ඒ නිසා අපි ඉතා විශ්වාසයෙන් මේ රටේ ජනතාවට කියනවා, අපේ ආණ්ඩුව යටතේ කිසිසේත්ම එම්සීසී ගිවිසුම අත්සන් කෙරෙන්නේ නැති බව. ඒ වාගෙම එම්සීසී ගිවිසුම අත්සන් කරන ආණ්ඩුවක අපි ඉන්නෙත් නැහැ. අපි ස්ථිරව කියනවා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙත් අපේ ආණ්ඩුවේත් ඍජු ස්ථාවරය ‘එම්සීසී ගිවිසුම අත්සන් නොකිරීම’ කියා. ළඟ ‘චූන්’ ගන්න ආපු ‘රතු කමිසධාරී 3% කල්ලිය’ අද නන්නත්තාර වී සිටිනවා. ඔවුන් දැන් හැංගෙන්න ගුහාවල් සොයන බවයි පෙනී යන්නේ”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා ද එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එනවා – විපක්ෂ නායක සජිත්

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට...

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img