Friday, October 30, 2026
HomeNEWSLatest Newsවප් පුර පසළොස්වක පොහෝය අදයි

වප් පුර පසළොස්වක පොහෝය අදයි

වප් පුර පසළොස්වක පොහෝය අදයි

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් කිහිපයක් හේතුවෙන් වැදගත් වන වප් පුර පසළොස්වක පොහෝ දිනය අදට (30) යෙදී තිබේ.

පෙර වස්විසූ භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීම ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් කරුණු රැසක් අද දිනයේ සිහිපත් කෙරෙයි.

මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කර සෝවාන් ඵලය ලබාදීමද සිදුව ඇත්තේ අදවන් වප් පුර පසළොස්වක පොහෝ දිනකය. 

ථූපාරාමයේ සිදුකළ විනය සංඝායනාවද අද වැනි දිනෙක සිදුවු බව ඉතිහාසයේ සඳහන් වේ. 

එමෙන්ම මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනාව පරිදි මහා අරිට්ඨ මහා රහතන්වහන්සේ විසින් ථුපාරාමයේ දී විනය පිඨකය සජ්ඣායනා කිරීම අද වැනි පුන්පොහෝ දිනක සිදුව තිබේ.

මේ අතර, තෙමසක් මුළුල්ලෙහි වස් සමාදන්ව සිටි භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් පසු චීවර මාසය ආරම්භ වන්නේද මේ පොහෝ දිනයේදී ය.

පවතින වසංගත තත්ත්වය හමුවේ දිවයිනේ විහාරස්ථානවල කඨින පූජෝත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව කඨින චීවරය සඟ සතුකොට පුජා කිරීමේ දී භික්ෂූන් වහන්සේ පස් නමක් සහ ගිහි පිරිස 25ත් 30ත් අතර පිරිසකට සිමා කළ යුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේය.

උත්සවය සඳහා පැමිණෙන සියලුදෙනා සම්බන්ධයෙන් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කළ යුතු අතර කඨින චීවරය විහාරස්ථානය වෙත වැඩම කරවීම ද අවම දායක පිරිසකගේ සහභාගිත්වයෙන් කළ යුතු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එනවා – විපක්ෂ නායක සජිත්

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට...

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img