ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය සහ අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය නම් කර තිබේ.
ජුනි 07 වනදා ඉන්දියාව සමග ලෝක ටේස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වීමට නියමිත අතර අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එංගලන්තය සමඟ ජුනි 16 වනදා ආරම්භවීමට නියමිතය.
ඒ අනුව ඔස්ට්‍රේලියාව පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ඒ සඳහා නම් කර තිබේ.
ඔස්ට්‍රේලියානු සුපිරි ආරම්භක පිතිකරුවෙකු වන ඩේවිඩ් වොනර් ද එම සංචිතයට නම් කර ඇත.
මේ අතර ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහු මෙම තරගාවලි දෙකෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවය.
අළු බඳුන තරගාවලිය සදහා බෙන් ස්ටෝක්ස්ගේ නායකත්වයෙන් යටතේ එංගලන්ත සංචිතය ඉදිරියේදී නම් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය පහතින්.
Pat Cummins (captain)
Scott Boland
Alex Carey
Cameron Green
Marcus Harris
Josh Hazlewood
Travis Head
Josh Inglis
Usman Khawaja
Marnus Labuschagne
Nathan Lyon
Mitchell Marsh
Todd Murphy
Matthew Renshaw
Steve Smith (vice-captain)
Mitchell Starc
David Warner






















