Wednesday, November 4, 2026
HomeNEWSප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියම ගැන දැනුවත් කෙරේ

ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියම ගැන දැනුවත් කෙරේ

කැබිනට් අනුමැතිය හිමිවූ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කීරීමේ මාර්ග සිතියම සහ යෝජිත කාලරාමුව සම්බන්ධයෙන් සියලුම පාර්ශ්ව දැනුවත් කිරීමට, විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පියවර ගෙන තිබේ.

මේ සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවද එක්ව සිටින බව අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව අද උදෑසන විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය, අමාත්‍යවරයා සහ කමිටුව අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී  මෙම යෝජිත ක්‍රියාවලිය වෙනුවෙන් ඔවුන්ගේ සම්පුර්ණ සහය ලබාදීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසා ඇති බව සඳහන්ය.

එමෙන්ම එම ක්‍රියාවලිය වේගවත් කරන ලෙසට ද ඔවුන් ඉල්ලීමක් කර තිබේ.

මීට අමතරව වර්තමාන සේවයේ යෙදීසිටින නිලධාරීන් ඔවුන්ගේ පාරිතෝෂික දීමනා, විශ්‍රාම වැටුප් පිළිබඳව, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම සහ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව යෝජනා ඉදිරිපත් කළ බවද අමාත්‍යංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි “ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමටත්,...

රනිල්, අනුරට දුන්නේ බංකොලොත් රටක් නොවෙයි- ෂිරාස් යුනුස්

මාලිමා ආණ්ඩුව පැමිණෙන විට රට බංකළොත් වී නොතිබුණු බවත් රට ආර්ථික වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වන විට ස්ථාවර කර තිබූණු බවත්...

ක්‍රිෂ් නඩුවට අදාළව නාමල් රාජපක්ෂට ඇප

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. නාමල් රාජපක්ෂ...

ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවට අගමැතිනිය සහභාගී වෙයි

ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවට අගමැතිනිය සහභාගී වෙයි 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වීම සඳහා ඇන්ටිගුවා සහ බාබුඩා වෙත ගොස් සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img