Thursday, September 10, 2026
HomeNEWSරිළා කතාව ගැන චීනයෙන් දැනුම්දීමක්

රිළා කතාව ගැන චීනයෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකාවෙන් රිළවුන් 100,000 ගෙන්වීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයකින් මේ දක්වා එරට බලධාරීන් වෙතින් ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

එම කාර්යාලය වැඩිදුරටත් එමගින් පෙන්වා දෙන්නේ එරට Chinese National Forestry and Grassland Administration ආයතනය වෙතින් එවැනි ඉල්ලීමක් කිසිදු පාර්ශවයකින් සිදුකර නොමැති බවය.

මේ අතර චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ චීනය සෑම විටම වනජීවී ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බවත් ඒ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර වගකීම් ඉටුකිරීමට සක්‍රීය ලෙස දායක වන බවය.

මේ අතර පසුගිය 11 වනදා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබාදෙන ලෙසට චීන නියෝජිතයින් පිරිසක් ඉල්ලීමක් කර ඇති බවය.

ඒ අනුව රිළවුන් 100,000 ලබාදීම සඳහා සාකච්ඡාවක් සිදුකළ බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව  කමිටුවක් පත්කරන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img