Friday, October 30, 2026
HomeNEWSකාවන්තිස්ස' ඇතාගේ මරණය ගැන විමර්ශනයට සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට ජනපතිගෙන් විශේෂඥ...

කාවන්තිස්ස’ ඇතාගේ මරණය ගැන විමර්ශනයට සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට ජනපතිගෙන් විශේෂඥ කමිටුවක්

‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයට සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට ජනපතිගෙන් විශේෂඥ කමිටුවක්

2026 ඔක්තෝබර් මස 16 දින හෝ ඊට ආසන්න දිනකදී ගල්ගමුව, සියඹලන්ගමුව ප්‍රදේශයේදී සිදු වූ ‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශනය කිරීම, වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ලබාදීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ තිබේ.

හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ.එච්. සරත් විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ ලෙස මහාචාර්ය ටී. සමින්ද ප්‍රනාන්දු, මහාචාර්ය ඒ.ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ.කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන මහත්වරු කටයුතු කරති.

මෙම විශේෂඥ කමිටුවේ සම්බන්ධීකාරක ලෙස ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්. හැරිසන් මහතා කටයුතු කරනු ඇත.

‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සිදුවූ ආකාරය, ඊට බලපෑ ආසන්න හා වක්‍ර හේතු, ප්‍රතිකාර කටයුතුවලදී යම් අතපසුවීම් හෝ නොසැලකිලිමත්කම් සිදුවී තිබේද යන්න පිළිබඳව සොයා බැලීම මෙන්ම වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ලබාදීම මෙම කමිටුවට පැවරේ.

මෙම කටයුත්තේදී දේශීය සහ විදේශීය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමටද මෙම කමිටුවට බලය පැවරී ඇත.

ඒ අනුව, කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් වන සිය අවසන් විමර්ශන වාර්තාව, යෝජිත වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටි රාමුව සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ වන යෝජනාවලිය ඇතුළ සම්පූර්ණ වාර්තාව දින 30ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-10-19

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එනවා – විපක්ෂ නායක සජිත්

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට...

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img