කොවිඩ් වැළඳුණු ට්‍රම්ප් යළිත් වැඩ – ලබාගත් ප්‍රතිකාර ගැනත් හෙළිකරයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි රාජකාරි ආරම්භ කර තිබේ.
ඔහු ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී රැස්වීම් කිහිපයක්ද පවත්වා ඇති බව සඳහන් වෙයි.
පසුගිය දින 4 පුරාවට අමෙරිකානු ජනාධිපතිවරයාට උණ රෝගය නොතිබූ බවත් ගෙවුණු පැය 24 තුළ ට්‍රම්ප් කොවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වූ බවත් ඔහුගේ වෛද්‍යවරයා වන ෂෝන් කොන්ලී පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ට්‍රම්ප් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තවමත් ගතවී ඇත්තේ දින හයක් පමණක් බවය.
මේ අතර, වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ කොවිඩ්-19 රෝගය සඳහා තමා ලබාගත් ප්‍රතිකාරය සියලුම අමෙරිකානු ජනතාවට ලබාදෙන බවය.
ඒ අනුව රෙජිනොරන් ෆාමසියුටිකල්ස් ආයතනයේ නිෂ්පාදිත ඖෂධ නොමිලයේ ලබාදීමටත් ට්‍රම්ප් පොරොන්දු වී තිබුණි.






















