Monday, August 31, 2026
HomeNEWSගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසුව සිදුවන සම්පූර්ණ ක්‍රියාවලිය මෙන්න

ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසුව සිදුවන සම්පූර්ණ ක්‍රියාවලිය මෙන්න

මෙරට ජාත්‍යන්තර ගුවන් මගීන් සඳහා විවෘත කිරීමෙන් පසුව කටුනායක ගුවන් තොටුපොළ වෙත පළමු සංචාරකයන් පිරිස රැගෙන ජනවාරි 22 වන දින අලුයම 2.15 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පැමිණීමට නියමිතව තිබේ.

අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පවසා සිටියේ, වානිජ ගුවන් මෙහෙයුම් සඳහා සංචාරක ගුවන් මගීන්ට ජනවාරි 21 සිට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ විවෘත කරන බවය.

ඒ අනුව ශ්‍රී ලංකාවට පිවිසීම සඳහා නේවාසික පුරවැසියන්ට, ද්විත්ව පුරවැසියන්ට සහ විදේශීය සංචාරකයන්ට බාධාවකින් තොරව අවසරය ලැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එහිදී සංචාරක ගුවන් මගීන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ www.srilanka.travel යන වෙබ් අඩවියට පිවිස, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අනුමත එහි ලියාපදිංචි වී ඇති හෝටල් 53න් එකක් තෝරා ගත හැකිය.

ඉන්පසුව අමෙරිකානු ඩොලර් 40ක මුදලක් තැන්පත් කර මෙරට දී පීසීආර් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා රිසිට් පතක් ලබා ගත යුතුය.

එහිදී එම සංචාරකයා ශ්‍රී ලංකාවේ දින 01 – 06 අතර ගත කරන්නේ නම් එක් පීසීආර් පරීක්ෂණයක් ද , දින 07 කට වඩා වැඩි කාලයක් රැඳී සිටින්නේ නම් තවත් පීසීආර් පරීක්ෂණයක් ද සිදුකළ කළ යුතුය.

මෙරට දී සිදුකරනු ලබන එක් පීසීආර් පරීක්ෂණයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 40ක මුදලක් අය කරනු ලැබේ.

ඊට අමතරව ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සංචාරකයන් අමෙරිකානු ඩොලර් 12ක් වැයකර කොවිඩ් රක්ෂණ ආවරණයක් ද ලබා ගත යුතුය.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වන සංචාරකයන් ගුවන් ප්‍රවේශ පත්‍රය, ශ්‍රී ලංකාවේ නවාතැන් ගැනීමට නියමිත හෝටලයේ විස්තර සහ වෙන්කරවා ගත් අංකය, ශ්‍රී ලංකාවේ දී සිදුකිරීමට අපේක්ෂා කරන පීසීආර්
පරීක්ෂණ සඳහා මුදල් ගෙවූ රිසිට් පත සහ කොවිඩ් රක්ෂණ ආවරණය ලැබූ සහතිකය සමග ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72 කට පෙර ලබා ගත් පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතුය.

ඉන්පසුව සංචාරක වීසා ලබා ගැනීම සඳහා www.eta.gov.lk යන වෙබ් අඩවියට පිවිස ඒ සඳහා අයදුම් කළ යුතුය.

අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීම සිදුකළ හැකි අතර, එසේ පැමිණෙන සියලුම ගුවන්මගීන්, ඔවුන්ගේ ගමන් මලු සියල්ල ගුවන් පාලම් තුළ දී විෂබීජහරණය කිරීමට ලක්කෙරේ.

මෙහිදී ශ්‍රී ලංකාවට පිවිසෙන සියලුම ගුවන් මගීන් මුඛ ආවරණ පැළදීම අනිවාර්ය වේ.

ඉන් පසුව එම ගුවන් මගීන් ගුවන් යානය තුළ දී ලබාදුන් සෞඛ්‍ය වාර්තා, ගුවන් තොටුපොළ තුළ සූදානම් කර ඇති සෞඛ්‍ය කවුළු වෙත ලබාදිය යුතුය.

කටුනායක ගුවන් තොටුපොළ තුළ මෙවැනි සෞඛ්‍ය කවුළු 10ක් සූදානම් කර ඇති අතර, මත්තල ගුවන් තොටුපොළ තුළ එවැනි කවුළු 02ක් සූදානම් කර ඇති බව ද ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.

එයින් පසු එම ගුවන්මගීන් ස්වයංක්‍රීය ශරීර උෂ්ණත්වමාපක ඔස්සේ ගමන් කළ යුතු අතර, එහිදී යම් සංචාරකයෙකුගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් 37.5°ට වඩා වැඩි නම්, එම සංචාරකයා වහාම ගුවන් තොටුපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත යොමු කර ඊට අදාළ පියවර ගැනීමට නියමිතය.

ඉන්පසු සංචාරකයන් ආගමන විගමන කලාපයට පිවිසෙන අතර, එහිදී ඔවුන් තත්පර 30 – 40 ත් අතර කාලයක් තුළ නිදහස් කිරීමට සැළසුම් කර තිබේ.

එයින් පසු මෙසේ පැමිණෙන සංචාරකයන් ගුවන් තොටුපොළ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයට පිවිසීම සිදුවේ.

එම සාප්පු තුළ ගුවන් මගීන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවන බැවින්, එම සාප්පු සංකීර්ණයේ සියලු සේවකයින් පූර්ණ ආරක්ෂිත ඇඳුම් ඇඳ සිටීමට සූදානම් කර තිබේ.

එසේ භාණ්ඩ මිලදී ගත් ගුවන් මගීන් තම ගමන් මලු සහ අනෙකුත් භාණ්ඩ භාර ගැනීම සඳහා ස්වයංක්‍රීය භාණ්ඩ පැමිණීමේ ධාවක යන්ත්‍ර වෙත පිවිසිය යුතුය.

එහිදී ගුවන් යානයෙන් රැගෙන පැමිණි එම ගමන් මලු සහ අනෙකුත් භාණ්ඩ, එසේ අයිතිකරුවන්ට ලබා දීමට පෙර විෂබීජහරණය කිරීමට ලක්කිරීම සිදුකරයි.

අනතුරුව සියලු ගමන් මලු සහ භාණ්ඩ ගුවන් තොටුපොළ සහායකවරුන්ගේ සහායෙන් රේගු පරිශ්‍රය ඔස්සේ ගුවන් තොටුපොළ පැමිණීමේ ආලින්දය වෙත රැගෙන එනු ලබයි.

එහිදී මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු පද්ධතියක් පිහිටා ඇති අතර, ඒවායින් අවශ්‍ය මුදල් ගණුදෙනු සිදුකර ගැනීමෙන් පසුව ශ්‍රී ලාංකිකයන් සහ විදේශීය සංචාරකයන් වෙනම හඳුනා ගෙන ගුවන් තොටුපෙළෙන් පිටකිරීමේ කාර්යය ආරම්භ කරනු ලැබේ.

ශ්‍රී ලාංකිකයන් ජාතික කොවිඩ් මර්දන කාර්යය සාධන බලකාය මගින් සහ විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක්වේ .

එම පියවරෙන් ගුවන් තොටුපොළ වගකීම අවසන් වන බව ද ෂෙහාන් සුමනසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් තොටුපොළ තුළ දී සිදුවන සෑම ක්‍රියාවක්ම දුරස්ථභාවය රැක ගනිමින් සිදුකළ යුතු අතර, විෂබීජනාශක දියර කටුනායක ගුවන් තොටුපොළේ සියලු කලාපවල තැන්පත් කර පවතී.

මීට අමතරව ගුවන් තොටුපොළ සියලුම සේවකයින් එම ක්‍රියාවලිය පිළිබඳව පෙරහුරු පවත්වා, විශේෂ පුහුණුවකට ලක්කර ඇති බව ද සුමනසේකර මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img