ජනතාවගේ ආරක්ෂාවට ඡන්දය කල් දාන ලෙස සජිත් ඉල්ලයි.
covid 19 හෙවත් කොරෝනා ව්‍යාප්තිය නැවත ඇරඹීමත් සමග පාර්ලිමේන්තු මහා මැතිවරණ රැස්වීම් පමණක් කල් දැමීමෙන් නොනැවතී රජය මේ මොහොතේ දී මහ මැතිවරණය කල් දැමිය යුතුව තිබෙන බව හිටපු විපක්ෂ නායක හා ජාතික සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් රජය මෙම පියවර ගත යුතුව තිබෙන බවද සඳහන් කළ ප්‍රේමදාස මහතා රට තුල මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් උදා වනතුරු ඡන්දය කල් දැමිය යුතුව තිබෙන බවද අවධාරණය කර සිටියේය. සජිත් පේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමඟ කොළඹදී පැවති හමුවකදී ය.






















