Friday, July 10, 2026
HomeNEWSටිල්වින් අත්අඩංගුවට ගන්නා ලෙස සුගීශ්වර ජනපති කොමිසමෙන් ඉල්ලයි

ටිල්වින් අත්අඩංගුවට ගන්නා ලෙස සුගීශ්වර ජනපති කොමිසමෙන් ඉල්ලයි

පසුගිය මැයි 01 වන දින තංගල්ල හී දි පැවැති මැයි දින රැළියේ දී ජනතා විමුක්ති පෙරමුණ මහා ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් ගල් අගුරු සම්බන්ධව පුර්ණ බලය සහිත ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට හා එහි සාමාජික විනිශ්චකාරතුමන්ලාට සිදු කරන ලද බරපතල අපහාසය සම්බන්ධව වහාම නීතිය ක්‍රියාත්මක කර ටිල්වින් සිල්වා මහතා අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද දින සංදේශයක් ගල් අගුරු සම්බන්ධව පුර්ණ බලය සහිත ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ ලේකම්තුමන්ට බාර දෙන ලදී.
එම අවස්ථාව සඳහා නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා,කොළඹ දිස්ත්‍රික් ලේකම් විකුම් කිත්සිරි මහතා, හෝමාගම ආසන සංවිධාධායක මධ්‍යම කාරක සභික නිශෝන් ඉන්දික මහතා,බොරැල්ල ආසන සංවිධායක කුෂාන් මදනායක මහතා හා පක්ෂ ක්‍රියාකාරි රොමේෂ් සාලින්ද මහතා සහභාගි විය.
මැයි 01 වන දා තංගල්ල පවත්වන ලද මැයි දින රැළියේ දී ජනතා විමුක්ති පෙරමුණ මහා ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් මෙම ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවෙන් ලබා දීමට නියමිත තීන්දුව පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් පහත පරිදි සිදු කරන ලද බව එම සන්දේශයේ සඳහන් වේ.

” ඔය වාර්ථාව මාස තුනෙන් එනවා. අපේ ආණ්ඩුවේ වංචාවක් නෑ කියලා ඔපුප් වෙනවා. හැබැයි පරණ ආණ්ඩුවල ගල් අගුරු වංචා කරපු හාදයින්ට හිරගෙවල් වල ලගින්න සිද්ධ වෙනවා”

                                                                                        ටිල්වින් සිල්වා  මැයි පළවෙනි දින තංගල්ලේදී පැවති මැයි දින රැළියේදී.
              

මේ අනුව ජනාධිපතිතුමන් විසින් පත් කල විනිසුරුවරුන් තිදෙනා සහිත ස්වාධින කොමිෂන් සභාවේ තින්දුව ටිල්වින් සිල්වා මහතා විසින් මේ වනවිට ප්‍රකාශ කිරීම තුලින් බරපතල ලෙස කොමිෂන් සභාවට මෙන්ම එහි සාමාජික විනිසුරුතුමන්ලාටද අපහාසයක් සිදු කර ඇත. ඒ තුලින් අධිකරණ විනිශ්චකාරතුමන්ලාගේ ආත්ම ගරුත්වයට මෙන්ම මේ රටේ විනිශ්චකාරවරුන්ට තිබෙන නිදහස් බලය ප්‍රශ්න සහගත තත්ත්වයට පත් කර ඇත.
ඒ අනුව අධිකරණයට හෝ විනිසුරුවරුන්ට අපහාස වන පරිදි ප්‍රකාශ නිකුත් කරමින් අධිකරණයට අපහාස සිදු කල ජනතා විමුක්ති පෙරමුණ මහා ලේකම් ටිල්වින් සිල්වා මහතා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස වැඩිදුරටත් අදහස් දැක් වු සුගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කරන ලදී.
තවද ගල් අගුරු නැව් රටට ගෙන ඒමේ අවසන් දිනය 2026 අප්‍රේල් මස 20 වන දිනය. මැයි මාසය තුල දී වාරකන් , නිරිත දිග මෝසම් සුළග ආරම්භ වී වැසි අරඹන නිසා අප්‍රේල් මස අවසන් මාසය ලෙස නම් කරන ලදී. නමුත් දින ගණනාවක් මුළුල්ලේ ගල් අගුරු නැව් දෙකක් මේ වනවිට ගොඩ බෑමට නොහැකිව රදවා තබා තිබේ. එම ගල් අගුරු බා ගැනීම සඳහා රජයේ කිසිදු වැඩපිළිවෙලක් නොමැති වීම නිසා ඉදිරි මාස කිහිපය ඇතුලත දැඩි බල ශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදු වේ. මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින්ද මෙම පවතින බලශක්ති අර්බුදය හේතුවෙන් ද සැප්තැම්බර් මාසයේ දී විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු වන බව ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳවද ඔබ කොමිෂමේ කාරුණික අවධානය යොමු කරන මෙන් ඒතුමා ඉල්ලා සිටියේය.

එසේම නොරොච්චෝලේ (ලක්විජය )ගල් අගුරු බලාගාරය, සාම්පුර් ගල් අගුරු බලාගාරය,ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ,උමා ඔය බහු – අරමුණු ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදී රට තුල මෙවැනි බලශක්ති අර්බුදයක් නිර්මාණය කිරීමට මුල් වු විවිධ පුද්ගලයින් පිළිබඳවද සොයා බලා කටයුතු කරන ලෙස ගල් අගුරු සම්බන්ධ පුර්ණ බලය සහිත මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශ කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img