Monday, September 14, 2026
HomeNEWSLatest Newsදැනුමෙන් පිරිපුන්, දෑතේ සවියෙන් ලෝකය දිනනා තරුණ පිරිසක් බිහිකිරීමට සුදුසු පාසල් පද්ධතියක්...

දැනුමෙන් පිරිපුන්, දෑතේ සවියෙන් ලෝකය දිනනා තරුණ පිරිසක් බිහිකිරීමට සුදුසු පාසල් පද්ධතියක් නිර්මාණය කරනවා….

දැනුමෙන් පිරිපුන්, දෑතේ සවියෙන් ලෝකය දිනනා තරුණ පිරිසක් බිහිකිරීමට සුදුසු පාසල් පද්ධතියක් නිර්මාණය කරනවා….

රටට ලෝකයට ගැලපෙන දැනුමෙන් පිරිපුන්, දෑතේ සවියෙන් ලෝකය දිනනා තරුණ පිරිසක් බිහිකිරීමට සුදුසු පාසල් පද්ධතියක් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ (2020.07.23) පස්වරුවේ දෙහිඅත්තකණ්ඩිය නගර සභා උද්‍යානයේ පැවැති හමුව අමතමිනි. 

දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් රජයක් වශයෙන් ප්‍රමුඛතාවය ලබාදීමට අදහස් කර ඇති බැවින්, පාසල් පද්ධතිය තුළ විද්‍යාගාර, තාක්ෂණ විද්‍යාගාර, ගොඩනැගිලි ආදී පහසුකම් වැඩිදියුණු කරමින් ගුරු පුරප්පාඩු පිරවීම කෙරෙහි මේ වන විටත් අවධානය යොමුව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය. 

ගුරු පත්වීම් ලැබ අම්පාර වැනි පළාත්වලට පැමිණෙන ගුරුවරුන් කෙටි කළකින් ගුරු මාරු ලැබ වෙනත් ප්‍රදේශ කරා යන බැවින්, එම ප්‍රශ්නයට විසදුමක් ලෙස ගුරු පුරප්පාඩු පවතින පළාත්වල උපාධීධාරීන් ගුරුවරුන් ලෙස පුහුණු කිරීමට යෝජනා වී තිබේ. 

මෙහිදී කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා වාර්ෂිකව මෙට්‍රික් ටොන් හාරලක්ෂ පනස්දහසක වී අස්වැන්නක් නිෂ්පාදනය කරමින් රටට බත සපයන දිස්ත්‍රික්කයක් බවට පත්ව ඇති අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ අස්වැන්න වැඩිකිරීම සඳහා සියලු පහසුකම් සපයා එම වී අස්වැන්නට හොද මිලක් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය. කුඩා භූමි ප්‍රදේශයක, අඩු නිෂ්පාදන පිරිවැයකින් සහ උසස් තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතයෙන් වැඩි ගුණාත්මකභාවයකින් යුතු ඉහළ අස්වැන්නක් ලබාගත හැකි නව කෘෂි ආර්ථිකයක් බිහිකිරීමට පියවර ගන්නා බවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img