පළමු විවාහ සංවත්සර යෙදීම නාමල් ලිමිණි මවුපියෝ වෙති..
පලමු විවාහ සංවත්සර යෙදීම ක්රීඩා අමාත්ය නාමල් රාජපක්ෂ මහතා සහ ලිමිනි වීරසිංහ මහත්මිය මවුපියන් බවට පත්වී සිටීම විශේෂත්වයකි .අද ලිමිනි වීරසිංහ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී තම කුළුඳුල් දරුවා ප්රසූත කළ අතර එම දරුවා පිරිමි දරුවෙකු වේ .නාමල් ලිමිනි විවාහ වූයේ 2019වසරේ සැප්තැම්බර් එකොළොස් වැනි දා ය.






















