මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබලගැන්වීම සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය කරුණක් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබලගැන්වීමේ වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රමවත්ව විද්‍යාත්මක පදනමක් ඔස්සේ ක්‍රියාත්මක විය යුතු බවය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබලගැන්වීම පිළිබඳ ව්‍යාපෘතියේ යෝජිත ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මේ බව සදහන් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ අදාල වැඩසටහනේදී සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ හදුනාගැනීම සදහා සමාලෝචනයක් සකස් කරන ලෙස මෙන්ම ඒ සදහා නිවැරදි දත්ත හා තොරතුරු ඇතුලත් වාර්තාවක් සකස් කරන ලෙස ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවය.






















