Tuesday, November 10, 2026
HomeNEWSඅධිකරණ අමාත්‍යාංශයෙන් යුක්තියට ප්‍රවේශයක්

අධිකරණ අමාත්‍යාංශයෙන් යුක්තියට ප්‍රවේශයක්

අධිකරණ අමාත්‍යාංශයෙන් ”යුක්තියට ප්‍රවේශයක්” නමින් විශේෂ ජංගම සේවාවක් හදුන්වාදීමට පියවර ගෙන තිබේ.

අධිකරණ අමාත්‍යාංශය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලින් සිදුවන මහජන සේවාව ජනතාවට සමීප කරවීම සදහා එම ජංගම සේවාව හදුන්වාදීමට පියවර ගෙන ඇත.

දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි අදාල වැඩසටහන සිදු කිරීමට සැලසුම් කර ඇති අතර උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් එය ආරම්භ කිරීමට නියමිතය.

පොදු ජනතාවට බලපාන නීතින් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, සංහිදියාව පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාදීම‍, මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන අයහපත් ප්‍රතිඵල පිළිබඳව තරුණ ප්‍රජාව දැනුවත් කිරීම අදාල ජංගම සේවාව මගින් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

අධිකරණ අමාත්‍යාංශය පවසන්නේ මීට අමතරව උතුරු පළාතේ ජනතාවට පවතින ඉඩම් ගැටළු, උප්පැන්න, විවාහ හා මරණ සහතික ලබා ගැනීම සදහා විධිමත් වැඩපිළිවෙලක් හදුන්වාදීමද මේ හරහා සිදු කිරීමට නියමිත බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img