Tuesday, November 10, 2026
HomeNEWSබස් ගාස්තු සංශෝධනයට අදාළ වාර්තාව රාජ්‍ය ඇමතිට

බස් ගාස්තු සංශෝධනයට අදාළ වාර්තාව රාජ්‍ය ඇමතිට

බස් ගාස්තු සංශෝධනයට අදාළ වාර්තාව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වෙත භාර දි තිබේ.

ජාතික ගමනාගමන කොමිශන් සභාව විසින් මාර්ග කොටස් 320 කට අදාලව සකස් කළ මෙම වාර්තාව අද පස්වරුවේ රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාර දී ඇති බව සදහන් වෙයි.

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු ඉහළ දැමිය යුතු බවට බස් සංගම් ප්‍රකාශ කළේය.

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ  බස් සංගම් නියෝජිතයින් අතර පසුගියදා විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණි.

එහිදී බස් සංගම් ප්‍රකාශ කර සිටියේ තමන්ට ඉන්ධන සහනාධාරයක් ලබාදිය නොහැකි නම් අනිවාර්යෙන්ම බස් ගාස්තු ඉහළ නැංවිය යුතු බවය.

කෙසේවෙතත් එම සාකච්ඡාවට එක්වූ ජාතික ගමනාගමන කොමිශන් සභාවේ නිලධාරීන් බස් ගාස්තු සංශෝධනයට අදාල වාර්තාව සකස් කිරීම සදහා දින 4 ක කාලයක් ඉල්ලා සිටියේය.

ඒ අනුව සකස් කළ වාර්තාව දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාර දී ඇති අතර හෙට දිනයේදී ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

නව සංශෝධනයට අනුව සාමාන්‍ය සේවා, සුඛෝපභෝගී, අර්ධ සුඛෝපභෝගී මෙන්ම අධිවේගී මාර්ගවල බස් ගාස්තු ද ඉහළ යනු ඇති.

දැනට ක්‍රියාත්මක අවම බස් ගාස්තුව රුපියල් 16 ක් දක්වා ඉහළ යනු ඇති බව ද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img