ඡන්ද පැවැත්වීමට බිය වන්නේ මන්දැයි විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයෙන් විමසා සිටියේය.ජනාධිපතිවරණය ඇතුළු ඡන්ද නොපවත්වන්නේ ආණ්ඩුව ඡන්දවලට බිය නිසා බවත් ආණ්ඩුව ඡන්ද වලින් ජයග්‍රහණය කරන බව දන්නේ නම් මෙවැනි සංශෝධන ඉදිරිපත් කර ඡන්දය කල් දාන්නේ කුමටදැයි කියාද කිරිඇල්ල මහතා විමසීය.හැකිනං පළාත් පාලන මැතිවරණය පවත්වා ශ්වාසය පෙන්විය හැකි බවත් ආණ්ඩුවේ සද්භාවය ගැන පොර ටෝක් දීමෙන් පලක් නොමැති බවත් එය ප්‍රායෝගිකව ඔප්පු කිරීමට ආණ්ඩුව වහාම ඡන්දයකට යා යුතු බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙන ලදී.






















