Sunday, November 1, 2026
HomeNEWSබහුකාර්ය සංවර්ධන සහායකයින්ට වහාම අදාල ආයතනවලට පත්වීම් ලබාදෙන්න.-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

බහුකාර්ය සංවර්ධන සහායකයින්ට වහාම අදාල ආයතනවලට පත්වීම් ලබාදෙන්න.-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

බහුකාර්ය සංවර්ධන සහායකයින්ට වහාම අදාල ආයතනවලට පත්වීම් ලබාදෙන්න.
-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
තවමත් පත්වීම් නොලද බහුකාර්ය සංවර්ධන සහායකයින්ට ලබන නොවැම්බර් 15 වෙනිදාට ප්‍රථම අදාල ආයතනවලට පත්වීම් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රජයේ නිළධාරීන්ට උපදෙස් දුන්නේය.
බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය සහ පත්වීම් ලබාදීම කඩිනම් කිරීම පිළිබඳ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2023.10.25) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
රජයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත්කළ නිළ කමිටුව මෙතෙක් ගනු ලැබූ පියවරයන් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුකරනු ලැබීය.
දැනට රාජ්‍ය සේවයේ ප්‍රාථමික සේවා පුරප්පාඩු සඳහා බහු කාර්ය සංවර්ධන සහායකයින් අනුයුක්ත කර පත්වීම් ලබාදීමට උපදෙස් දී ඇතත් තවමත් ඇතැම් අමාත්‍යාංශවල එම පත්වීම් ලබාදීමට කටයුතු කර නොමැත. මේ හේතුවෙන් 4780ක් වන බහු කාර්ය සංවර්ධන සහායකයින් ප්‍රමාණයකට තවමත් පත්වීම් ලබාදීමට නොහැකි වීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයාගේ දැඩි අවධානය යොමුකෙරිණි.
ඒ අනුව ලබන නොවැම්බර් 15 වෙනිදාට ප්‍රථම තවමත් පත්වීම් නොලද බහුකාර්ය සංවර්ධන සහායකයින්ට පත්වීම් ලබා දී නියමිත ස්ථානවලට අනුයුක්ත කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීන රජයෙන් රුපියල් මිලියන 3,933 ක පූර්ණ ප්‍රදානයක්

" ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය සඳහා වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ’ පළමු අදියර නිල වශයෙන් ඇරඹේ.....! හානි වූ පාලම් 14ක් ප්‍රරතිසංස්කරණයට චීන...

ජලය පිරිසිදු කිරීමට අවශ්‍ය ක්ලෝරීන් ඇතුළු රසායනික ද්‍රව්‍යවල හිඟයක්- නිරෝෂන් පාදුක්ක

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය, ‘‘ජල...

හෙද නිලධාරීන් 2,819කට පත්වීම්..ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට තවත් 13,000ක්

හෙද නිලධාරීන් 2,819කට පත්වීම් සහ 76කට උසස්වීම්ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට 13,000ක් බඳවා ගන්නවා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img