Sunday, November 1, 2026
HomeNEWS‘දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා ප්‍රතිලාභ ලැබිය යුත්තේ ජනතාවට‘‘ - ආචාර්ය හර්ෂ ද...

‘දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා ප්‍රතිලාභ ලැබිය යුත්තේ ජනතාවට‘‘ – ආචාර්ය හර්ෂ ද සිල්වා

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට දායකත්වය ලබාදුන්නෙ රටේ වැඩකරන ජනතාව බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා රටේ ආර්ථික වේගය යම් කිසි ආකාරයක වර්ධනයක් සිදුවුවහොත් එහි ප්‍රතිලාභ අනිවාර්යයෙන් යා යුත්තේ අර්ථසාධක අරමුදල හිමි වැඩකරන පිරිසට බවත් ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය සටන් කරන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ අද (25) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවැසීය.

‘‘රටේ ආර්ථිකය හරිහැටි ස්ථායිකරණය කර ගන්න පුලුවන් පසුබිම නිර්මාණය වෙලා නෑ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා , වියදම් කපා හැරලා , බදු වැඩි කරලා රට අභ්‍යන්තරයේ යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩපිළිවෙලින් සාමාන්‍ය ජනතාවට යම් අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා.

රටේ ආර්ථිකය හරිහැටි ස්ථායිකරණය කර ගන්න අභ්‍යන්තර වැඩපිළිවෙල විතරක් මදි ජාත්‍යන්තර වැඩපිලිවෙලක් අවශ්‍ය වෙනවා. ජාත්‍යන්තර වැඩපිලිවෙලේ මූලික කාරණ වන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීම සාර්ථකව නිමා කර ගැනීම.

ඉන්දියාව සහ ජපානය එකතුවෙලා පැරිස් ක්ලබ් කියන ණය හිමියන් ලංකාවේ රජය සමඟ සාකච්ඡා කරලා තිබෙනවා. නමුත් එකතාවයකට ඇවිත් නෑ. චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තිබෙන බව රජය කියනවා. චීනය ඉදිරිපත් කරන යෝජනා අනිත් රටවල සමඟ එකඟතාවයක් තිබෙන බව ලංකාවේ උපදේශක වන ලසාඩ් ආයතනය පිළිගෙන තිබෙන බව රජය පවසනවා. ඒ නිසා චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය පුලුවන් කියල කියනවා.

චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ගැන අපි දන්නෙත් නෑ. අනිකුත් ණය හිමියන් දන්නෙත් නෑ. ඩොලර් බිලියන 7.4 ක ණය අපි චීනයට ගෙවන්න ඕන. චීන එක්සීන් බැංකුවෙන් ගත්ත 4.1 ක ණය යම් ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කරන්න ඔවුන් සුදානම් කියලා ආරංචි වෙනවා. නමුත් ඉතිරි ප්‍රමාණය පුද්ගලික ණය විදිහට තමයි ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කරන්න වෙන්නේ.

ඊළඟ ප්‍රශ්නය පුද්ගලික ණය හිමියන්ගේ හිමියන් කියනවා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ සියයට 20 ක ණට කපා හැරීමක් කියලා. ඒ වගේම ඔවුන් කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වුණාට වඩා වැඩියෙන් ලංකාවේ ආර්ථිකය වර්ධනය වෙනවානම් ඒ වාසිය පුද්ගලික ණය හිමියන්ට ලැබෙන්න ඕන කියලා. ඒක කරන්න දෙන්න බෑ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන රජය කලින් කතා කළේ නෑ. ඒක ගෙනාවේ පස්සේ. පස්සේ ගෙනල්ලා සම්පුර්ණ බර දේශීය ණය හිමියන් පිට දැම්මා. වැඩකරන ජනතාවට සහ ඊ පී එෆ් එකට තමා මේ බර දැම්මේ. ඒ බර උහුලන්නේ වැඩ කරන ජනතාවනම් ඒ හරහා යම් ආර්ථික වේගයේ වැඩිවීමක් වෙනවානම් ඒ වාසිය යන්න ඕන වැඩ ජනතාවටද නැත්නම් දේශීය ණය හිමියන්ගේ අතටද? ඒක සාධාරණ ප්‍රශ්නයක්.

අපේ මිනිස්සු නොකා නොබි ණය ගෙවන්න දායක වෙලා ඒ ප්‍රතිලාභ ජාත්‍යන්තර ණය හිමියන්ගේ අතටද යන්න දෙන්නේ කොහොමද. මේක අසාධාරණයි මේවට එකඟවෙන්නේ නෑ කියලා ආණ්ඩුවේ කවුද කියලා තියෙන්නේ.

පසුව ගෙනාපු දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට දායකත්වය දුන්නේ රටේ වැඩකරන මිනිස්සු. ඒ හරහා ආර්ථික වේගය වර්ධනය වෙලා ඒ ප්‍රතිලාභ යා යුත්තේ අර්ථසාධක අරමුදල හිමි පිරිසට. ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය සටහන් කරනවා. ‘‘

=====================================

ප්‍රශ්නය – ජනාධිපතිවරයා කියනවා 2048 වනවිට රටේ ප්‍රශ්න සියල්ල විසඳගන්න පුලුවන් කියලා. 2048 සියලු ප්‍රශ්න ටික විසඳන්න පුලුවන් වෙයිද ?

පිළිතුර – සංවර්ධිත රටක් වුණාම ඒක පුද්ගල ආදායම වැඩි වෙන්න ඕන. අපි හිටියේ ඉහළ මැදි ආදායම් රටක් විදිහට. ගෝඨාභය ඇවිත් රට පහල මැදි ආදායම් රටක් විදිහට ඇදලා දැම්මා. ණය ගෙවන්න බැරිවුණා ලංකාව ඉල්ලා හිටියා දුප්පත් රටක් ලෙස නම් කරන්න කියලා. 2048 වනවිට ඒක පුද්ගල ආදායම වැඩි කර ගන්න 2025 සිට 2048 දක්වා හැම අවුරුද්දෙන සියයට 6.5 ක ආර්ථික වර්ධනයක් තියෙන්න ඕන. ඒක කරන්නේ කොහොමද. ඒක කරන්න මොකක්ද තියෙන සැලසුම. 2048 සංවර්ධිත රටක් කරන් දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න ඕන. ආණ්ඩුවක් මාරුවුණාම රටක් සංවර්ධනය වෙන්නේ නෑ. මේ රට තනි පුද්ගලයෙකුට ගොඩගන්න බෑ මතවාදයකට පමණයි රට ගොඩගන්න පුලුවන්. ආණ්ඩු මාරුවුණ ගමන් මතවාද වෙනස් කරනවානම් කාගෙවත් සරණක් නෑ. ලෝකය යන ගමනට අපිට එකතු වෙන්න බැරිනම් අපට රට ගොඩගන්න බෑ.

‘දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා ලැබෙන ප්‍රතිලාභ ලැබිය යුත්තේ රටේ වැඩකරන ජනතාවට‘‘ – ආචාර්ය හර්ෂ ද සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීන රජයෙන් රුපියල් මිලියන 3,933 ක පූර්ණ ප්‍රදානයක්

" ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය සඳහා වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ’ පළමු අදියර නිල වශයෙන් ඇරඹේ.....! හානි වූ පාලම් 14ක් ප්‍රරතිසංස්කරණයට චීන...

ජලය පිරිසිදු කිරීමට අවශ්‍ය ක්ලෝරීන් ඇතුළු රසායනික ද්‍රව්‍යවල හිඟයක්- නිරෝෂන් පාදුක්ක

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය, ‘‘ජල...

හෙද නිලධාරීන් 2,819කට පත්වීම්..ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට තවත් 13,000ක්

හෙද නිලධාරීන් 2,819කට පත්වීම් සහ 76කට උසස්වීම්ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට 13,000ක් බඳවා ගන්නවා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img