Wednesday, June 3, 2026
HomeNEWSරජයට ශ්‍රී පාදස්ථානයට වඩා මැදමූලන වලව්වයි එහි කුමාරවරුන් උතුම් වෙලා - විපක්ෂ...

රජයට ශ්‍රී පාදස්ථානයට වඩා මැදමූලන වලව්වයි එහි කුමාරවරුන් උතුම් වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

රටේ සම්බුද්ධ සාසනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විශේෂිත වූ ස්ථානයක් ලබා දී ඇතත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී පාදස්ථානයට පවා විදුලි බිලක් යොමු කිරීමට රජය කටයුතු කර ඇති බවත් එසේ ශ්‍රී පාදයට විදුලි බිලක් ලබා දුන්නත් හිටපු ජනාධිපතිවරයාට, ඔහුගේ පුතාගේ විවාහවලට විදුලි බිල් ලබා නොදෙන බවත් ශ්‍රී පාදස්ථානයට වඩා මැදමූලන වලව්ව, එහි කුමාරවරු සහ ඔවුන්ගේ විවාහ මංගල්‍යයන් උතුම් ද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම රටේ බලශක්ති ඇමතිවරයා කැබිනට් තීන්දු හා රටේ නීති කඩ කර 3 වැනි වතාවටත් සියයට 400කට වැඩි විදුලි බරක් පටවා ඇති බවත් ලක්ෂ 220ක් ජනතාව අසහනයට පත් වන විට රටේ පාලකයන් සුන්දර ජන ජීවිතයක් ගත කරන බවත් රජය මේ සිදුකරන ක්‍රියා සම්බන්ධයෙන් ලැජ්ඡා විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (25) සක්වල වැඩසටහනේ 38 වැනි වැඩසටහන යටතේ ගම්පහල මීරිගම කඳන්ගමුව මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ගුරුවරුන්ට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිනවා

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු, විදුහල්පති, අනධ්‍යයන, ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ, අධ්‍යාපන පරිපාලන සහ සංවර්ධන නිලධාරී ක්ෂේත්‍රයේ සිටින පුද්ගලයන් විශාල කැපකිරීමක් සිදු කරමින් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට විශාල වැඩකොටසක් සිදු කළත් අවසානයේ රජයෙන් ඔවුන්ට ලැබුණේ කදුලු ගෑස්, ගුටි බැට ප්‍රහාර, ප්‍රචණ්ඩත්වය හා රාජ්‍ය ත්‍රස්තවාදය බවත් එය කිසිදු අවස්ථාවක අනුමත කළ නොහැකි බවත් අඩු පහසුකම් හා ප්‍රතිපාදන තුළින් අධ්‍යාපන ක්ෂේත්‍රය පවත්වා ගැනීමට ඔවුන් දරනා මෙහෙය අමතක කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලුවලට විසදුම කදුලු ගෑස්, ජල, බැටන් ප්‍රහාර නොවන බවත් පුළුව්න ආකාරයට විසදුම් ලබා දීම බවත් රජය මුදල් නැහැ යැයි කිව්වත් මැති ඇමතිවරුන් රට සවාරි යන්න, ජනාධිපති රට සවාරි යද්දි සුදුසුකම් නොමැති රට බංකොලොත් කළ ඇමතිවරු ගෙනියන්න මුදල් ඇති බවත් මොවුන් එසේ මුදල් භාවිත කරන්නේ තමන්ගේ සුබසිද්ධිය උදෙසා බවත් එය අශීලාචාර ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මත්කුඩු ජාවාරමට එරෙහිව සිංගප්පූරුවේ නීති ක්‍රියාත්මක කළ යුතු යි

තවද මත්ද්‍රව්‍ය ජාවාරම පාසල් පද්ධතිය හා දරු පරපුර බිලි ගනිමින් සිටින බවත් මීට සම්බන්ධ මහ මොළකරුවන් ජනතා මුදලින් සිර ගෙවල්වල නඩත්තු වන බවත් ඊසි කෑෂ් ක්‍රමය තුළ මෙය ක්‍රියාත්මක බවත් වත්මන් රජයට එයට විසදුමක් නොමැති වුවත් සමගි ජන බලවේග රජයක් යටතේ සිංගප්පූරුවේ දඬුවම් ක්‍රමය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම මත්කුඩු ජාවාරම්කරුවන් බේරා ගැනීමට විවිධ මෙහෙයුම් පවා වර්තමානයේ දියත් වන බවත් මෙය මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයක් බැවින් මෙය මැඩ පැවැත්වීමට විශේෂීය බට කාණ්ඩයක් අවශ්‍ය බවත් විදේශ රටවල සිටින මැරවරයන් කප්පම් කල්ලි යොදා ගෙන පොහොසතුන්ගෙන් කප්පම් ඉල්ලා සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට රටේ නීති පද්ධතිය පවා කඩා වැටී ඇති බැවින් ඒ සදහා කොන්ද කෙලින් තියා ගෙන නිතිය හා සාමය ශක්තිමත් කිරීමට රටක් ලෙස එකට එකතු විය යුතු බව යි.

අධ්‍යාපන ක්ෂේත්‍රය ඇත්තේ දැවැන්ත ඛේදවාචකයක

අපේ රටේ පවතින සුබසාධන රාජ්‍ය වැඩපිළිවෙළ තුළ පාසල්වල කිසිදු අඩුපාඩුකම් තිබිය නොහැකි වුවත් බොහෝ පාසල්වල අඩුපාඩු රැසක් ඇති බවත් රටේ ජාතික ආදායමෙන් වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනයට යොමු කළ යුතු වුවත් එවැන්නක් සිදු නොවී ඇති බවත් මේ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත ඛේදවාචයක් ඇති බවත් එනම් ලොව දිනිය හැකි අධ්‍යාපන ක්‍රමයක් නොමැති වීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සිංහල පමණක් කියන මතයට වඩා අධ්‍යාපන තුළ නව දැනුම, තාක්ෂණය සහ භාෂා ඥානය ලබා දෙන විෂය නිර්දේශයේ සුවිශේෂි වෙනසක් ඇති විය යුතු බවත් ඒ හරහා බිහිවන උගතුන් බුද්ධිමතුන් රැකියා පෝලිමේ උපාධිධාරීන් ලෙස සිටගන්නවා වෙනුවට තමන් ලැබූ අධ්‍යාපන සහතික ප්‍රධාන සුදුසුකම කර ගෙන ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළේ ඉහළ ආදායමක් ලබන රැකියාවලට යා හැකි අධ්‍යාපන ක්‍රමයක් ඇති විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෙසු පක්ෂ මෙන් සමගි ජන බලවේගය අධ්‍යාපනය ගැන සටන් පාඨ දේශපාලනයක් අනුගමනය නොකරන බවත් ජනප්‍රිය සටන්පාඨ කියමින් රටේ අධ්‍යාපන ගැටලු විසදිය නොහැකි බවත් ඒ සඳහා නිර්මාණශීලී වැඩපිළිවෙළක් මෙන්ම ප්‍රතිපාදන අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900 ක් වටිනා රෝහල් උපකරණ ලබා දී ඇති බවත් සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80ක් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රු :389,200,000 ක් වැය විය. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 38ක් සදහා රුපියල් ලක්ෂ 342ක වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ.

NEWS CLIP
https://youtu.be/MhV5R2KNG_0?si=UGye38N2cUVeyX9-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img