Wednesday, June 3, 2026
HomeNEWSනව පරිසර පනතක් කඩිනමින් ගෙන එන්න ඇමති කෙහෙළිය මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස්...

නව පරිසර පනතක් කඩිනමින් ගෙන එන්න ඇමති කෙහෙළිය මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දෙයි.

මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ජාතික පරිසර පනත වෙනුවට රටට කාලීනව ගැලපෙන නව පරිසර පනතක් ගෙන ඒමට අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතුව ඇතැයි පරිසර අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.

1988 අංක 56 සහ 2000 අංක 53 දරන පනත් මගින් සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත වර්තමානයේ ක්‍රියාත්මක වේ. එබැවින් දැනට ක්‍රියාත්මක “ජාතික පාරිසරික පනත” සංශෝධනය කිරීමට වඩා නව පනතක් ගෙන ඒම කාලෝචිත බව අමාත්‍යවරයා පවසයි. පනත සංශෝධනය කිරීම තුළින් බොහෝ පාරිසරක ගැටලු විසිදීමට අවශ්‍ය පියවර ගත හැකියයි ද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව, පරිසරය සුරකිමින් තිරසර සංවර්ධනයක් වෙත පිය නැගිය හැකි ලෙස නව ජාතික පරිසර පනතක් ගෙන ඒමේ කටයුතු කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරිය වෙත අද උපදෙස් ලබා දුන්නේය. මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය හඳුනාගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ දී පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

නිවාස සංකීර්ණ ඉදිකිරීමේ දී පරිසරයට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳ සොයා බලා එම බලපෑම් අවම කළ හැකි ක්‍රමවේද වෙත යොමු වීමට අවශ්‍ය පියවර ගැනීම, වැසි ජල කළමනාකරණය, පුනර්ජනනීය බලශක්ති භාවිතය ආදී වැඩපිළිවෙළ වෙත යොමුවීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ලෝකයම පරිසරය සුරැකීමේ අවශ්‍යතාව පිළිබඳ කතිකාවතක් ඇතිකර ගෙන තිබෙන යුගයක අප ද පුළුල් දැක්මකින් යුතුව සෑම ක්‍ෂේත්‍රයක් වෙතම අවධානය යොමුකරමින් හරිත ආර්ථිකයකට අවශ්‍ය පදනම සකස් කිරීමට කටයුතු කළ යුතු යැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් හරිත ආර්ථිකයක් ගොඩ නැගීමට අවශ්‍ය කටයුතු වෙත යොමුවී සිටීම පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය ඉදිරි පියවර සඳහා මහත් ශක්තියක් වී ඇතැයි මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා රාජ්‍ය ආයතනයක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ද ස්වයංපෝෂිත ආයතනයක් බවට පත්විය හැකි වනසේ ආයතනයේ ආර්ථික තත්වය ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගැනීම මගින් රටේ ආර්ථිකයට දායක විය හැකි බව ද එලෙසම පරිසර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍යමය ශක්තිය ඇති කර ගැනීමට හැකි වන බව ද මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙයට වසර 10-15 පෙර පරිසර ක්ෂේත්‍රය ලෝකයේ 10-15 ස්ථානයක පැවති මුත් ගෙවුණු වසර පහ හය තුළ එය 3-4 ස්ථාන වලට පැමිණ ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ මහතා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img