Sunday, November 1, 2026
HomeNEWSනව පරිසර පනතක් කඩිනමින් ගෙන එන්න ඇමති කෙහෙළිය මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස්...

නව පරිසර පනතක් කඩිනමින් ගෙන එන්න ඇමති කෙහෙළිය මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දෙයි.

මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ජාතික පරිසර පනත වෙනුවට රටට කාලීනව ගැලපෙන නව පරිසර පනතක් ගෙන ඒමට අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතුව ඇතැයි පරිසර අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.

1988 අංක 56 සහ 2000 අංක 53 දරන පනත් මගින් සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත වර්තමානයේ ක්‍රියාත්මක වේ. එබැවින් දැනට ක්‍රියාත්මක “ජාතික පාරිසරික පනත” සංශෝධනය කිරීමට වඩා නව පනතක් ගෙන ඒම කාලෝචිත බව අමාත්‍යවරයා පවසයි. පනත සංශෝධනය කිරීම තුළින් බොහෝ පාරිසරක ගැටලු විසිදීමට අවශ්‍ය පියවර ගත හැකියයි ද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව, පරිසරය සුරකිමින් තිරසර සංවර්ධනයක් වෙත පිය නැගිය හැකි ලෙස නව ජාතික පරිසර පනතක් ගෙන ඒමේ කටයුතු කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරිය වෙත අද උපදෙස් ලබා දුන්නේය. මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය හඳුනාගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ දී පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

නිවාස සංකීර්ණ ඉදිකිරීමේ දී පරිසරයට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳ සොයා බලා එම බලපෑම් අවම කළ හැකි ක්‍රමවේද වෙත යොමු වීමට අවශ්‍ය පියවර ගැනීම, වැසි ජල කළමනාකරණය, පුනර්ජනනීය බලශක්ති භාවිතය ආදී වැඩපිළිවෙළ වෙත යොමුවීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ලෝකයම පරිසරය සුරැකීමේ අවශ්‍යතාව පිළිබඳ කතිකාවතක් ඇතිකර ගෙන තිබෙන යුගයක අප ද පුළුල් දැක්මකින් යුතුව සෑම ක්‍ෂේත්‍රයක් වෙතම අවධානය යොමුකරමින් හරිත ආර්ථිකයකට අවශ්‍ය පදනම සකස් කිරීමට කටයුතු කළ යුතු යැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් හරිත ආර්ථිකයක් ගොඩ නැගීමට අවශ්‍ය කටයුතු වෙත යොමුවී සිටීම පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය ඉදිරි පියවර සඳහා මහත් ශක්තියක් වී ඇතැයි මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා රාජ්‍ය ආයතනයක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ද ස්වයංපෝෂිත ආයතනයක් බවට පත්විය හැකි වනසේ ආයතනයේ ආර්ථික තත්වය ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගැනීම මගින් රටේ ආර්ථිකයට දායක විය හැකි බව ද එලෙසම පරිසර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍යමය ශක්තිය ඇති කර ගැනීමට හැකි වන බව ද මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙයට වසර 10-15 පෙර පරිසර ක්ෂේත්‍රය ලෝකයේ 10-15 ස්ථානයක පැවති මුත් ගෙවුණු වසර පහ හය තුළ එය 3-4 ස්ථාන වලට පැමිණ ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ මහතා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීන රජයෙන් රුපියල් මිලියන 3,933 ක පූර්ණ ප්‍රදානයක්

" ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය සඳහා වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ’ පළමු අදියර නිල වශයෙන් ඇරඹේ.....! හානි වූ පාලම් 14ක් ප්‍රරතිසංස්කරණයට චීන...

ජලය පිරිසිදු කිරීමට අවශ්‍ය ක්ලෝරීන් ඇතුළු රසායනික ද්‍රව්‍යවල හිඟයක්- නිරෝෂන් පාදුක්ක

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය, ‘‘ජල...

හෙද නිලධාරීන් 2,819කට පත්වීම්..ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට තවත් 13,000ක්

හෙද නිලධාරීන් 2,819කට පත්වීම් සහ 76කට උසස්වීම්ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට 13,000ක් බඳවා ගන්නවා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img