Wednesday, June 3, 2026
HomeNEWSIMF දෙවැනි වාරිකය හිමිවීම මගින් ඇති වන විශ්වාසයශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ධනාත්මක...

IMF දෙවැනි වාරිකය හිමිවීම මගින් ඇති වන විශ්වාසයශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ධනාත්මක බලපෑමක්..ඇමති ෂෙහාන් සේමසිංහ.

IMF දෙවැනි වාරිකය හිමිවීම මගින් ඇති වන විශ්වාසය
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ධනාත්මක බලපෑමක්..

  • එක්සත් ජාතීන්ගේ දින සමරුව අමතමින් ඇමති ෂෙහාන් සේමසිංහ කියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය හිමි වීම මගින් ඇතිවන විශ්වාසය මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට ප්‍රමුඛ ධනාත්මක බලපෑමක් කරනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. එමගින් ශ්‍රී ලංකාව තුළ ඇති වන ආර්ථික ස්ථාවරත්වය මගින් හටගන්නා විශ්වසනීයත්වය ඊට හේතුවන වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. එක්සත් ජාතීන්ගේ දිනය වෙනුවෙන් කොළඹ මූලස්ථානයේ පැවැති වැඩසටහනේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා ඊයේ (24) මේ බව පැවැසීය.

එහි දී සේමසිංහ මහතා කියා සිටියේ ආර්ථික අර්බුධය උග්‍ර වූ පසුගිය වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ආයතන ශ්‍රී ලංකාවෙ වතෙ ලබා දුන් සහය අතිශය අගය කරන බවයි. තිරසර සංවර්ධන ඉලක්ක වෙත ළගා විම සඳහා ශ්‍රී ලංකාව සුවිශේෂී පියවර රැසක් ගෙන ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ වෙනුවෙන් වූ වේගවත් ව්‍යුහාත්මක වෙනස්කම් රැසකට අවතීර්ණ වී ඇතැයි ද පැවැසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය ලෙස ඇඩො. මිලියන 330ක දෙවැනි වාරිකය ලබා ගැනීම පිළිබඳ සුබවාදී අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව පසුවන බව කියා සිටි සේමසිංහ මහතා සඳහන් කළේ එය ලැබීම මගින් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් බහු පාර්ශ්වික මූල්‍ය ආයතනවල සහය තව දුරටත් හිමි වන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් තිරසර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ලබා දෙමින් සිටින සහයෝගය අඛණ්ඩව ඉදිරියටත් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා එහි දි වැඩි දුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img