Sunday, November 1, 2026
HomeNEWSIMF දෙවැනි වාරිකය හිමිවීම මගින් ඇති වන විශ්වාසයශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ධනාත්මක...

IMF දෙවැනි වාරිකය හිමිවීම මගින් ඇති වන විශ්වාසයශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ධනාත්මක බලපෑමක්..ඇමති ෂෙහාන් සේමසිංහ.

IMF දෙවැනි වාරිකය හිමිවීම මගින් ඇති වන විශ්වාසය
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ධනාත්මක බලපෑමක්..

  • එක්සත් ජාතීන්ගේ දින සමරුව අමතමින් ඇමති ෂෙහාන් සේමසිංහ කියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය හිමි වීම මගින් ඇතිවන විශ්වාසය මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට ප්‍රමුඛ ධනාත්මක බලපෑමක් කරනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. එමගින් ශ්‍රී ලංකාව තුළ ඇති වන ආර්ථික ස්ථාවරත්වය මගින් හටගන්නා විශ්වසනීයත්වය ඊට හේතුවන වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. එක්සත් ජාතීන්ගේ දිනය වෙනුවෙන් කොළඹ මූලස්ථානයේ පැවැති වැඩසටහනේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා ඊයේ (24) මේ බව පැවැසීය.

එහි දී සේමසිංහ මහතා කියා සිටියේ ආර්ථික අර්බුධය උග්‍ර වූ පසුගිය වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ආයතන ශ්‍රී ලංකාවෙ වතෙ ලබා දුන් සහය අතිශය අගය කරන බවයි. තිරසර සංවර්ධන ඉලක්ක වෙත ළගා විම සඳහා ශ්‍රී ලංකාව සුවිශේෂී පියවර රැසක් ගෙන ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ වෙනුවෙන් වූ වේගවත් ව්‍යුහාත්මක වෙනස්කම් රැසකට අවතීර්ණ වී ඇතැයි ද පැවැසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය ලෙස ඇඩො. මිලියන 330ක දෙවැනි වාරිකය ලබා ගැනීම පිළිබඳ සුබවාදී අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව පසුවන බව කියා සිටි සේමසිංහ මහතා සඳහන් කළේ එය ලැබීම මගින් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් බහු පාර්ශ්වික මූල්‍ය ආයතනවල සහය තව දුරටත් හිමි වන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් තිරසර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ලබා දෙමින් සිටින සහයෝගය අඛණ්ඩව ඉදිරියටත් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා එහි දි වැඩි දුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීන රජයෙන් රුපියල් මිලියන 3,933 ක පූර්ණ ප්‍රදානයක්

" ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය සඳහා වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ’ පළමු අදියර නිල වශයෙන් ඇරඹේ.....! හානි වූ පාලම් 14ක් ප්‍රරතිසංස්කරණයට චීන...

ජලය පිරිසිදු කිරීමට අවශ්‍ය ක්ලෝරීන් ඇතුළු රසායනික ද්‍රව්‍යවල හිඟයක්- නිරෝෂන් පාදුක්ක

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය, ‘‘ජල...

හෙද නිලධාරීන් 2,819කට පත්වීම්..ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට තවත් 13,000ක්

හෙද නිලධාරීන් 2,819කට පත්වීම් සහ 76කට උසස්වීම්ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට 13,000ක් බඳවා ගන්නවා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img