Wednesday, June 3, 2026
HomeNEWSජනතාව අපේක්ෂා කරන ක්‍රම වෙනස ඇති කිරීම සඳහා නව නීති ගෙන ඒමට...

ජනතාව අපේක්ෂා කරන ක්‍රම වෙනස ඇති කිරීම සඳහා නව නීති ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා…අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා.

 සෑම ක්ෂේත්‍රයකටම වෙනස් නොවන ප්‍රතිපත්තියක්

ජනතාව අපේක්ෂා කරන ක්‍රම වෙනස ඇති කිරීම සඳහා නව නීති ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා

  • අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා

ජනතාව අපේක්ෂා කරන ක්‍රම වෙනස (Systems Change) ඇති කිරීම සඳහා අතීතයේ පැවති නීති වෙනුවට වර්තමානයට ගැළපෙන නව නීති හඳුන්වාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ස්ථාවර ප්‍රතිපත්ති සෑම ක්ෂේත්‍රයක් තුළම සකස් කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවත් ඒ අනුව සකස් කෙරුණු පස් අවුරුදු විදේශ රැකියා ප්‍රතිපත්තිය අද ජනගත කෙරුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා
මෙසේ ද පැවසීය.

රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අපි විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ඉතිහාසයේ වැඩිම නීති සහ අනපනත් සම්මත වූ කාලය ලෙස මෙම කාල සීමාව හැඳින්විය හැකියි.

රටට ක්‍රම වෙනසක් අවශ්‍යයි කියා (Systems Change) ජනතාව පාරට බැස උද්ඝෝෂණ කළා.
එම වෙනස ඇති කිරීම වෙනුවෙන් අතීතයේ පැවති නීති වෙනුවට වර්තමානයට ගැලපෙන නව නීති රෙගුලාසි ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ස්ථාවර ප්‍රතිපත්ති සකස් කිරීමේ කටයුතු මේ වන විට සකස් කරමින් සිටිනවා. ඒ අනුව සකස් කෙරුණු පස් අවුරුදු විදේශ රැකියා ප්‍රතිපත්තිය අද ජනගත කෙරුණා. සෑම අංශයකටම එවැනි ප්‍රතිපත්ති සකස් කිරීම රජයේ වැඩපිළිවෙළ බව කිවයුතුයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් විදේශීය මූල්‍ය ආයතන සහ අනෙකුත් රටවල් අපේ රටේ ආර්ථිකය ගොඩනැගීමට ඉදිරිපත් වෙන්නේ රටේ මූල්‍ය විනයක් පැවතියහොත් පමණයි. ඒ නිසා රටේ මුල්‍ය විනය ඇති කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේ දී ක්‍රියාත්මක වෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය පිළිබඳ කමිටුව ඇතුළු විවිධ කමිටු පත්කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. එංගලන්තයේ පාර්ලිමේන්තුවේ තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරමින් හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුවක් විසින් එය සකස් කර තිබෙනවා.

ඒ වගේම වසර විස්සක් පුරා කතා කරමින් සිටි දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ලැබීම විශේෂ ජයග්‍රහණයක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය මූදල් පරිපාලනය දූෂණයෙන් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් රාජ්‍ය පරිපාලනය විශ්ලේෂණය කරමින් වාර්තාවක් සකස් කර තිබෙනවා.

එසේම දේශපාලන පක්ෂවල මුදල් භාවිතය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කිරීමට ද නියමිතයි. දේශපාලන පක්ෂ ක්‍රියා කළ යුතු ආකාරය එම කමිටුව විසින් විමර්ශනය කරනවා. ඉදිරියේදී එම කමිටුවට තම යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට මහජනතාවට අවස්ථාව සැලසෙනවා.

ඊට අමතරව පාර්ලිමේන්තුවේ අය-වැය කාර්යාලයක් පිහිටුවීමට ද කටයුතු කර තිබෙනවා. ආර්ථික ස්ථායිතාව පිළිබදව කාරක සභාවක් පත් කරනු ලැබුවා. එමෙන්ම ක්‍රම සහ විධි පිළිබඳව කාරක සභාවක් පත්කර තිබෙනවා.

මානව සම්පත් කළමනාකරණය රටකට ඉතා වැදගත් වෙනවා. ඒ නිසා කම්කරු පනත සංශෝධනය කිරීමටත් අපි කටයුතු කරනවා. එමගින් දැවැන්ත වෙනස්කම් රැසක් සිදු වන බව අපගේ විශ්වාසයි.

එමෙන්ම පසුගිය කාලයේ සිදු වූ ආර්ථික අර්බුද නිසා කඩා වැටුණු ව්‍යාපාර හඳුනාගෙන ඒවා නැවත නඟා සිටුවීමට අවශ්‍ය පියවර ගන්නවා.

එපමණක් නොවෙයි, විදේශයන්හි සේවය කරන පුද්ගලයන් වෙනුවෙන් සහන සැලසීම සහ ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව ඇති කිරීම වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img