Friday, September 11, 2026
HomeNEWSයූඇන්පිය කළමනාකරණය කරන ආකාරයට විදේශ ප්‍රතිපත්ති කළමනාකරණය කරන්න බැහැ

යූඇන්පිය කළමනාකරණය කරන ආකාරයට විදේශ ප්‍රතිපත්ති කළමනාකරණය කරන්න බැහැ

යූඇන්පිය කළමනාකරණය කරන ආකාරයට විදේශ ප්‍රතිපත්ති කළමනාකරණය කරන්න බැහැ

වත්මන් රජයේ රාජ්‍ය තාන්ත්‍රික වැඩපිලිවෙළ දුර්වල බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය රට සවාරි ගොස් එක් එක් රටවලට නොගැලපෙන කතා කියා බොරු කියා රටවල් බහුතරයක් අප සමඟ තරහ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය තුළත් තම නායකත්වය රැක ගැනීමට බොරු කියා එකිනෙකා කෙටවිම නිසා පක්ෂය බිංදුවටම වැටුණ බවත් එක්සත් ජාතික පක්ෂය කළමනාකරණය කළ ආකාරයට රටේ විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කළ නොහැකි බවත් ලෝකය වටේ එක එක දේවල් කිය කියා ගොස් සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (26) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 39 වැනි අදියර යටතේ අත්තනගල්ල උඳුගොඩ අරෆා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි.

වත්මන් රජය චීන නැව සම්බන්ධයෙන් පවා විවිධ කතා කියා ඇති බවත් ඉන්දියාවට එයට එන්න නොදෙන බව පවසා චීනයට එන්න කියන බවත්, මොහොතින් මොහොත වෙනස් වෙන කතා කියන නිසා රටට වැදගත් වන ජාත්‍යන්තරයේ බොහෝ රටවල් අප සමඟ තරහ වී ඇති බවත් රාජ්‍ය පාලනයක් හෝ විදේශ ප්‍රතිපත්තියක් මෙසේ ක්‍රියාත්මක කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

යූඇන්පීයට බොරු කළාක් මෙන් ජාත්‍යන්තරයට බොරු කිව නොහැකි බවත් චීන නැවේ ගැටලුව සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වීම නිසා බොහෝ රටවල අප සමඟ තරහ වී ඇති බවත් යූඇන්පීයට බැරි වුනාට සමගි ජන බලවේගයට සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් ඇති බවත් කේලම් දේශපාලනය හරහා විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නොහැකි බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ අප රටේ ඇති දුර්වල රජය සිදු කරන ක්‍රියාකාරකම් නිසා අප රටේ ජනතාව සහ රටත් සමඟ තරහ නොවන ලෙස ඉල්ලා සිටින බව යි.

රජ කුමාරවරුන්ට විපක්ෂ නායකගෙන් අභියෝගයක්

එසේ ම රට විනාශ කළ රට බංකොලොත් කළ සේම තමාගේ රැකවරණයට ජනාධිපතිවරයෙක් පත් කළ රජ පවුලක රජ කුමාරයෙක් ජනාධිපති එක්ක තරහ වී ඇති බවත් සෞඛ්‍ය ඇමතිව වෙනස් කිරීම සම්බන්ධයෙන් ඔවුන් කණගාටුවට පත්ව ඇති බවත් මෙසේ කණගාටුවන රජ පවුල සෞඛ්‍ය ඇමතිගේ විශ්වාසභංගයේදී පවා රට ගැන නොසිතා තමන් ගැන සිතමින් කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මොවුන්ගේ කතා වලට දැන් රටේ ජනතාව නොරැවටෙන බවත් මොවුන් එකට එකතු වී රට ප්‍රපාතයකට ගෙන ගිය අයුරු රටම දන්නා බවත් මොවුන් දැන් කිඹුල් කඳුළු හෙලුවත් අයවැයේදී ජනාධිපතිට පක්ෂව ඡන්දය ලබා දෙන බැවින් ඔවුන්ට අභියෝග කර සිටින්නේ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අභියෝග කර සිටියේය.

රජයට කරන්න බැරි දේ අපි කරල පෙන්වන්නම්

ඇත්ත කතා කරන්න තමා බය නැති නිසා අපේ රටේ අධ්‍යාපනය සිදුවිය යුත්තේ ඉංග්‍රීසියෙන් යැයි පැවසීමට සෙසු පුද්ගලයන් මෙන් තමා බිය නොවන බවත් බංකොලොත් රටේ මේ මොහොතේ හෝ ලොව දිනන පුරවැසියන් බිහි කරන ගමන ආරම්භ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා විසින් සෑම මොහොතකම සුහුරු රටක් ගැන සිදු කරන කතා අනුකරණය කරමින් සුහුරු රටක් ගොඩනගන්නේ තමාගේ සුහුරු පක්ෂයෙන් බවට ජනාධිපති පැවසීම අමනෝඥ ක්‍රියාවක් බවත් සුහුරු රටක් ගොඩ නැගීමට නම් සුහුරු අධ්‍යාපන ක්‍රමයක් සුහුරු සිසුන්, සුහුරු තාරුණයක් හා සුහුරු පුරවැසියකු සිටිය යුතු බවත් රට සුහුරු වීමට, ක්‍රමෝපායික වීමට නම් රජයේ පාසල් 10126ම සුහුරු පාසල් බවට පත්විය යුතු බවත් රජයට නොහැකි ඒ වගකීම තමා බාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900 ක් වටිනා රෝහල් උපකරණ ලබා දී ඇති බවත් සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80ක් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රු :389,200,000 ක් වැය විය. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 39ක් සදහා රුපියල් ලක්ෂ 353ක වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ.

NEWS CLIP ?️
https://youtu.be/95gVIBaLgvQ?si=d091n2BUSs7dRi3S

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img