මංගල ගෙ අලුත්ම වැඩේ මෙන්න.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමටත්් ප්‍රථම ිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අලුත් වැඩකට අත ගසා තිබෙන බව වාර්තා වේ. පක්ෂ දේශපාලනයෙන් තොරව තරුණ තරුණියන් ඒකරාශී කර ගනිමින් සිදු කරන දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඔහු මෙම වැඩපිළිවෙළ ගැන සඳහන් කර තිබේ. මෙමගින් නව ව්‍යාපාරයේ නම සැබෑ දේශප්‍රේමියෝ ලෙස නම් කර ඇත. මේ සඳහා ප්‍රබල දේශපාලන නායකයින් ගේ ද ආශිර්වාදය ලැබී ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි. සමගි ජන බලවේගය තරඟ වැදීම සඳහා නාමයෝජනා දුන්නද ඔහු පසුව කියා සිටියේ තමන් පාර්ලිමේන්තුව දේශපාලන සමුගන්නම් බවත් ඒ නිසා තමන්ට මනාප නොදෙන ලෙසත් ය. මංගල සමරවීර මහතා සමගි ජන බලවේගය මාතර දිස්ත්‍රික්කය සඳහා මහ මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා භාරදී තිබුණි.






















