Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsමහමැතිවරණය පවත්වන්න හදනකොට පාර්ලිමේන්තුව කැදවන්න කියලා උසාවි ගිය අය දැන් පාර්ලිමේන්තුව කැදවන්න...

මහමැතිවරණය පවත්වන්න හදනකොට පාර්ලිමේන්තුව කැදවන්න කියලා උසාවි ගිය අය දැන් පාර්ලිමේන්තුව කැදවන්න එපා කියලා කථානායකතුමාට කියනවා. – ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

මහමැතිවරණය පවත්වන්න හදනකොට පාර්ලිමේන්තුව කැදවන්න කියලා උසාවි ගිය අය දැන් පාර්ලිමේන්තුව කැදවන්න එපා කියලා කථානායකතුමාට කියනවා. – ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

ලක්ෂ්මන් කිරිඇල්ල විපක්ෂ ප්‍රධාන සංවිධායක තුමා ලිඛිතව කතානායකතුමාට දන්වල තිබෙනවා පාර්ලිමේන්තුවේදී විසිවැනි සංශෝධනය විවාදය කල් දමන්න කියලා. පාර්ලිමේන්තුව කැඳවන්න එපා කියලා. මේ තරම් කල් අපි පාර්ලිමේන්තුව මුණගැහුණා. අණපනත් සම්මත කළා. විවාද කළා. ඒ හැමදෙයක්ම පාර්ලිමේන්තුවේ දී අපි කළේ සෞඛ්‍ය උපදෙස් අනුව. එම නිසා මේ කරන්නේ සම්පූර්ණම දේශපාලනයක්. ඔවුන් පාර්ලිමේන්තුව මැතිවරණය ප්‍රකාශ කලාට පස්සෙත් පාර්ලිමේන්තුව කැඳවන්නට හැදුවා. එතකොට මේ කිසි දෙයක් කිව්වේ නෑ. උසාවි ගිහිල්ලා කිව්වේ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. දැන් කියනවා පාර්ලිමේන්තුව කැඳවන්න එපා කියලා. මීට වඩා අමාරුකාල වලදීත් අපි පාර්ලිමේන්තුව රැස් කළා. රැස්වෙලා අපි විවිධ තීන්දු තීරණ ගත්තා. එම නිසා පැහැදිලිව අපි කියනවා කිරිඇල්ල මැතිතුමා ඇතුළු බංකොලොත් වෙච්ච දේශපාලන නඩය හදන්නේ පාර්ලිමේන්තුව වහන්න. අපි කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම් පැවැත්වූවා. මේ සතියේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය අපි අනුමත කරගෙන ඉවරයි. බංකොලොත් වෙච්ච දේශපාලනඥයෝ ටිකක් දැන් පාර්ලිමේන්තුව වහන්න හදනවා විසිවෙනි සංශෝධනය ගේන්න ඉඩ දෙන්නේ නැතුව. ඒ නිසා අපි මේක හෙළා දකිනවා.

අපේ මූලික කාර්යය තමයි පහුගිය ආණ්ඩුව විනාශ කළ ආර්ථිකය නැවත වාරයක ශක්තිමත් කිරීම. ඔවුන් රටේ ආරක්ෂාව විනාශ කළා. රටේ ජන ජීවිතය විනාශ කළා. මිනිස්සු මැරෙන්න ඇරලා බලාගෙන හිටපු ආණ්ඩුවක් තිබුණේ. එම නිසා අපේ ප්‍රධාන වගකීම තමයි රටේ ආරක්ෂාව. ඒ ආරක්ෂාව අපි තහවුරු කළා. ඊළඟට රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළට අපි අතගහලා තියෙනවා. රටේ ප්‍රශ්න ගණනාවක් තියෙද්දි විවිධ ක්ෂේත්‍ර වල සංවර්ධනයට අපි අද අත ගහලා තියෙනවා. කොවිඩ් පාලනය කිරීමේ අපේ පරමාර්ථයයි. කොවිඩ් පාලන කිරීමට අපි ගත් ක්‍රියාමාර්ග නිසා ලෝකයේ අනිත් රටවල් සමග අප ඉදිරියෙන් සිටිනවා. විපක්ෂය covid එක හරහා දේශපාලනය කරන්න හදනවා. ඒ නිසා ඔවුන් ඇනගෙන තියෙන්නේ. මිනිස්සුන්ගෙ මරණය හරහා අසික්කිත ලෙස දේශපාලනය කරන්න හදනවා. අපේ ආණ්ඩුව කිසිසේත් ඇනගෙන නැහැ. අපි ඉතාමත් වගකීමෙන් වැඩ කටයුතු කරනවා. ජනාධිපතිතුමා ඉතා දක්ෂ ලෙස රට පාලනය කරගෙන යනවා. කොවිඩ් හැදිච්ච රටවල දිහා බලපුවාම් අපි අදටත් සාර්ථකයි. අනිත් රටවල ආර්ථිකයට වෙලා තියෙන විනාශය, ජන ජීවිතය වලට වෙලා තිබෙන විනාශය දිහා බලපුවහම අපේ රට ඉතාම සාර්ථක ලෙස ක්‍රියාත්මක වේගෙන යනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img