Tuesday, May 5, 2026
HomeNEWSLatest Newsමිනුවන්ගොඩ ප්‍රාදේශී ලේකම් කොට්ඨාශය තුළ කොවිඩ් අවධානම පහව යයි.

මිනුවන්ගොඩ ප්‍රාදේශී ලේකම් කොට්ඨාශය තුළ කොවිඩ් අවධානම පහව යයි.

මිනුවන්ගොඩ ප්‍රාදේශී ලේකම් කොට්ඨාශය තුළ කොවිඩ් අවධානම පහව යයි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මේ වන විට කොවිඩ් අවධානම් කලාපයෙන් බැහැරවී ඇති බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය කුමාරි ජයසූරිය මහත්මිය පවසයි. මේ වන විට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වසා දමා තීබූ ග්‍රාම සේවා වසම් තුන විවෘත කිරීමටද අදාල අංශ වෙත නිර්දේශ කල බවද ඇය කියා සිටියි.

කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී බල ප්‍රදේශ තුල මෙම අවධානම තවමත් පවතින බවත් මිනුවන්ගොඩ ජනතාව නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේ නම් ඇදිරි නීතිය ලිහිල් කිරීමට බලධාරීන්ට නිර්දේශ කල හැකි බවත් ඇය කියා සිටියාය.

මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (02)  මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී වෛද්‍යවරිය මේ බව සදහන් කලාය. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

කොවිඩ් 19 දෙවන රැල්ල ආරම්භ වුනේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිතවය. ඒ අනුව මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම සේවා වසම් 121ක මේ වන විට පී.සී.ආර් පරීක්ෂණ 11000 කට අධික සංඛ්‍යාවක් කර තිබේ. ඉන් 680 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස හදුනා ගැනින. බ්‍රැන්ඩික්ස් ආයතනය ආසන්නයේ ඇති ගණිහිමුල්ල, පේරලන්ද හා හැලකන්දන ග්‍රාමසේවා වසම් වසා දැමිණි. එම ගම්මාන වල සියලු දෙනා පාහේ මේ වන විට පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කර තිබේ.  ඒ අනුව ගණිහිමුල්ලෙන් 48දෙනෙකුත්, පේරලන්දෙන් 32කුත්, හැලකන්දෙන් 16 දෙනෙකුත් කොවිඩ් ආසාධිත ලෙස හදුනාගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනිය මෙහිදි කීවාය. පෑලියගොඩ මත්ස්‍ය අලෙවි සල හා සම්බන්ධ වූ පුද්ගලයන්ගෙන් මිනුවන්ගොඩ ආසන්නයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු පමණක් ආසාධිතයන් ලෙස වාර්තා වූ බවද ඇය මෙහිදී කියා සිටියාය.

ඔක්තොම්බර් 03 සිට මේ ගත කරන්නේ 04 වන සතිය බවත් මිනුවන්ගොඩ ජනතාව ස්වයං විනයකින් කටයුතු කරන්නේ නම් ඇදිරි නීතිය ඉවත් කල හැකිව තිබෙන බවත් ජනතාව ඒ පිළිබදව දැඩි අවධානයක් යොමු නොකරන නිසා පවතින ඇදිරි නීති තත්ත්වය ලිහිල් කිරීමට නොහැකි වී ඇති බවත් වෛද්‍යවරිය මෙහිදී කියා සිටියාය.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු රැස්ව සිටි පිරිස අත්පොලසන් දෙමින් මෙහිදී මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනිය ඇතළු කාර්යය මණ්ඩලය කල සේවය ඇගයීමකට ලක් කලහ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේ කොවිඩ් වසංගතයේ දී වැඩිම අවධානමකින් කටයුතු කල පිරිස වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය බවයි. මිනුවන්ගොඩ ජනතාව වෙනුවෙන් මෙන්ම රජය වෙනුවන්ද ඔවුන්ට සිය ස්තූතිය පුද කරන බවද ඇමතිවරයා මෙහිදී කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දැන් නඩු තීන්දු දෙන්නේ ජනාධිපතිවරයා ජේවීපී වේදිකාවේ ඉදන්-නාමල් රාජපක්ෂ

දැන් නඩු තීන්දු දෙන්නේ ජනාධිපතිවරයා ජේවීපී වේදිකාවේ ඉදන්-නාමල් රාජපක්ෂ අපි මැයි දිනයදා තමයි දැනගත්තේ නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ කියලා.ඒක එදා තහවුරු කළා. ඉතින් ජෙවිපි...

රැඳවියෙකු මියයාමේ සිද්ධියට වැලිකඩ බන්ධනාගාරයේ නියාමයකින් තිදෙනෙකු අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් ලබමින් සිටි රැඳවියෙකු හදිසියේ රෝහල්ගත කිරීමෙන් පසු මියයාමේ සිදු වීමට අදාළව බන්ධනාගාර නියාමකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රථමවරට ශ්‍රී ලංකාවෙන් පලස්තීනයට තානාපතිවරයෙකුට සමාන නව නියෝජිතයෙක්

තානාපති ධූරයට සමාන නිලයක පිහිට වූ ශ්‍රී ලංකා නියෝජිතයකයෙකු පලස්තීනයට පත් කර තිබෙනවා. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පලස්තීනයේ ශ්‍රී...

දිනන දකුණෙන් මුදල් ලේකම්ට ප්‍රශ්න 5ක්

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමලේකම්,මුදල් අමාත්‍යාංශය.2026-05-04 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) ඈ (xiii) වගන්තිය ප්‍රකාරව ද්විත්ව පුරවැසිභාවය දරන අයෙකු ලෙස දැනට මතුවී ඇති ආන්දෝලනාත්මක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img