Friday, October 30, 2026
HomeNEWSමිලාඩ්-උන්- නබි දින පණිවිඩය

මිලාඩ්-උන්- නබි දින පණිවිඩය

මිලාඩ්-උන්- නබි දින පණිවිඩය

ශුද්ධ වූ මුහම්මද් නබිතුමාගේ උපන් දින සංවත්සරය සමරණ සියලුම ශ්‍රී ලාංකික ඉස්ලාම් ජනතාවට මාගේ සුභාශිංසන එක් කරන්නේ ඉමහත් සතුටිනි.

මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය, අදට යෙදී තිබේ. ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්හු අද දින මහත් උත්සවාකාරයෙන් නබි නායකතුමාගේ උපන්දිනය ආගමානුකූලව සමරති.

අන් අය අතර විශ්වාස ගොඩ නගාගත් එතුමන් අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන් ද ප්‍රචලිත විය. මුහම්මද් නබිතුමන් සුවිශේෂි කරුණු මත අන් අය අතර ප්‍රචලිත වූ අතර ඉස්ලාම් දහම ලොවපුරා ව්‍යාප්ත කරමින් ඔහුට හතලිස් වැනි වියේදී අල්ලා දෙවියන්ගේ පණිවුඩකරුවීමේ වරම ලැබිණ. අනතුරුව අරාබිකරයේ ප්‍රජාව නිවරදි මඟට යොමු කිරීමට කටයුතු කළ එතුමන් වසර 23ක් තිස්සේ දෙවිදුන්ගෙන් ලැබුණු මෙහෙවර ඉටු කළේ ය.

ස්වකීය ජීවිතය පුරා එතුමා සුරැකි ගුණාංග, මිනිසත් බව වෙනුවෙන් කල කැපකිරීම් අපිරිමිතය. අනෝන්‍ය අවබෝධය, සහෝදරත්වය, එකිනෙකාට උපකාර කිරීම හා සාධාරණත්වය, මුහම්මද් නබිතුමාගේ මූලික ඉගැන්වීම්වල හරයයි. එසේම මෙලොව පහල වූ ශාස්තෘවරුන් අතර නබි නායක තුමන්ගේ දර්ශනය වූයේ මානව සමාජය ගුණ නැණ බලෙන් හා අවිහිංසාවාදයෙන් පුරවාලීමයි.

ලෝකයේ ඉස්ලාමීය රටවල් ජාත්‍යන්තර සංවිධාන තුළ කවදත් ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව සහයෝගය දක්වා ඇත. අපට ලබා දුන් ඒ අන්තර්ජාතික සහයෝගයට කෘතඥතාව ප්‍රකාශ කිරීමටත්, එම රටවල සියලුම ඉස්ලාමීය බැතිමතුන් වෙත නබි නායකතුමන්ගේ උපන් දිනය යෙදෙන අද දිනයේ සුභ පැතුම් එක් කිරීමටත් කැමැත්තෙමි. 

එසේම, කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ලොවක් ලෙස දැඩි අර්බුදකාරී යුගයකට අප මුහුණ දී ඇත්තෙමු. ඒ නිසාවෙන් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, ඉස්ලාමීය මඟපෙන්වීම්වලට අනුව මේ උතුම් දිනය සමරන ලෙස ඉල්ලා සිටිමි. සෑම මිනිසකුටම සමාන අයිතියක් ලැබිය යුතු බව ලොවට දේශනා කළ නබි නායක තුමන්ගේ ඉගැන්වීම් අනුව යමින් යහපත් සමාජයක් නිර්මාණය කිරීමට ඇවැසි ගුණධර්මයන් සමාජ ගත කරමින් ඒකීය         ශ්‍රී ලංකාවක් කරා යන ගමනට අත්වැලක් වන ලෙසත්, සියලු ලෝකවාසී ජනතාව මෙම වසංගතයෙන් ආරක්ෂා කර දෙන ලෙස ප්‍රාර්ථනා කරන ලෙසත්, සියලු ඉස්ලාම් ජනතාවගෙන්මම ඉල්ලා සිටිමි. 

ආගමික වතාවත්වල යෙදෙමින්, දුප්පතුන්ට පිහිට වෙමින්, නබි නායකතුමන්ගේඉගැන්වීම් මෙනෙහි කරමින් මිලාඩ් උන්-නබි දිනය සමරන සියලුම ශ්‍රී ලාංකික ඉස්ලාම් ජනතාවට මෙන්ම ලෝකවාසී ඉස්ලාමීය ජනතාවට ප්‍රීතිමත් මිලාඩ්-උන්- නබි දිනයක් ප්‍රාර්ථනා කරමි!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එනවා – විපක්ෂ නායක සජිත්

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට...

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img