Monday, October 26, 2026
HomeNEWSLatest Newsයාල වනෝද්‍යානයේ සතුන්ට වඩා සජිත් සේවකයින් බඳවා ගෙන.

යාල වනෝද්‍යානයේ සතුන්ට වඩා සජිත් සේවකයින් බඳවා ගෙන.

යාල වනෝද්‍යානයේ සතුන්ට වඩා සජිත් සේවකයින් බඳවා ගෙන. සජිත් පේමදාස මහත්තයා ඇමතිකම් කරපු පසුගිය කාලයේදී යාල ජාතික උද්‍යානයේ ඉන්න සත්තුන්ට වඩා උද්‍යානයට සේවකයින් බඳවා ගෙන තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඒ අසරණ මිනිස්සුන්ට තමන්ට රස්සාවක් දුන්නා මිසක් පත්වීම් ස්ථිර කරල නැහැ සජිත් රස්සා දෙනවා කියලා රවට්ටපු මිනිස්සු දැන් උදේ හවස දුක කියාගෙන මං ළඟට එනව හම්බන්තොට මිනිස්සුන්ට බොරු රස්සා දීලා සජිත් දැන් ඒ මිනිස්සු අසරණ කරලා කොළඹට පැනගෙන රටටම විහිළු සපයනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණ දැන් සජිත් ප්‍රේමදාස මහතා සමග එකතු වී කටයුතු කරන බවත් රජයෙන් ලබා දීමට ගිය රුපියල් 5000 නවත්වන ලෙසට පෙත්සම් ගැසුවේ සජිත් පේමදාස හා අනුර කුමාර දිසානායක යන මහත්වරුන් එක්වීබවත් නාමල් රාජපක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වෙයි

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව (⁣ඇ:ඩො:බි:12.96)...

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img