යාල වනෝද්‍යානයේ සතුන්ට වඩා සජිත් සේවකයින් බඳවා ගෙන. සජිත් පේමදාස මහත්තයා ඇමතිකම් කරපු පසුගිය කාලයේදී යාල ජාතික උද්‍යානයේ ඉන්න සත්තුන්ට වඩා උද්‍යානයට සේවකයින් බඳවා ගෙන තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඒ අසරණ මිනිස්සුන්ට තමන්ට රස්සාවක් දුන්නා මිසක් පත්වීම් ස්ථිර කරල නැහැ සජිත් රස්සා දෙනවා කියලා රවට්ටපු මිනිස්සු දැන් උදේ හවස දුක කියාගෙන මං ළඟට එනව හම්බන්තොට මිනිස්සුන්ට බොරු රස්සා දීලා සජිත් දැන් ඒ මිනිස්සු අසරණ කරලා කොළඹට පැනගෙන රටටම විහිළු සපයනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණ දැන් සජිත් ප්‍රේමදාස මහතා සමග එකතු වී කටයුතු කරන බවත් රජයෙන් ලබා දීමට ගිය රුපියල් 5000 නවත්වන ලෙසට පෙත්සම් ගැසුවේ සජිත් පේමදාස හා අනුර කුමාර දිසානායක යන මහත්වරුන් එක්වීබවත් නාමල් රාජපක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙන ලදී.






















