Thursday, November 26, 2026
HomeNEWSවියට්නාම සහයෝගීතාවයේ ශ්‍රීලංකාවට ඇති වැදගත්කම ඇමති විජිත පෙන්වා දෙයි

වියට්නාම සහයෝගීතාවයේ ශ්‍රීලංකාවට ඇති වැදගත්කම ඇමති විජිත පෙන්වා දෙයි

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹ පැවැති 80 වන වියට්නාම ජාතික දින -විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා 2025 අගෝස්තු 19 වන දින කොළඹ වියට්නාම තානාපති කාර්යාලය විසින් පවත්වන ලද රාජ්‍ය තාන්ත්‍රික උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.මෙම උත්සවය වියට්නාමයේ 80 වන ජාතික දිනය සහ ශ්‍රී ලංකා-වියට්නාම රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 55 වන සංවත්සරය සනිටුහන් කළේය.අමාත්‍ය විජිත හේරත් මහතා සිය අදහස් දැක්වීමේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබ පැතුම් එක් කළ අතර දෙරට අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සහයෝගීතාවය සිහිපත් කළේය.වෙළඳාම, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, ආරක්ෂක සහ සංස්කෘතික හුවමාරුව හරහා සහයෝගීතාවයේ වර්ධනය පිළිබඳවත් පුනර්ජනනීය බලශක්තිය, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයේ නව අවස්ථා පිළිබඳවත් අමාත්‍යතුමා තවදුරටත් සඳහන් කළේය.අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ප්‍රගතිය සඳහා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අමාත්‍ය විජිත හේරත් මහතා නැවතත් මෙහි දී තහවුරු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සාකච්ඡා අසාර්ථකයි..30 වෙනිදා ගුරු- විදුහල්පති අසනීප නිවාඩු

අග්‍රාමාත්‍යවරිය සමඟ අද (25) පැවති සාකච්ඡාවලින් විසඳුමක් නොලැබීම නිසා, 11/30 අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ වෙනසක් නැහැ: ගුරු - විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය.

විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම...

හිටපු ඇමති ජොන්ස්ටන්ට රු130,000 ක දඩයක් සහ මාසයක බරපතල වැඩසහිත සිරදඬුවම වසර පහකට අත්හිටුවයි

එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනා තුනකට වරද පිළිගත් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට රු.130,000 ක දඩයක් සහ මාසයක බරපතල වැඩසහිත සිරදඬුවම වසර...

කාන්තා හිංසනයට එරෙහි ගෝලීය වැඩසටහනට විපක්ෂ නායක සජිත්ගේ සහාය

කාන්තා හිංසනයට එරෙහි ගෝලීය වැඩසටහනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහාය කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහිව සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img