Tuesday, November 10, 2026
HomeNEWSෂාටා මෙරටට ගෙනආ ගිනිඅවි ගැන හෙළිකරයි

ෂාටා මෙරටට ගෙනආ ගිනිඅවි ගැන හෙළිකරයි

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මග හරිමින් සිටි උදයංග ලක්මාල් හෙවල් ‘ෂාටා’ නම් මත්ද්‍රව්‍ය ජවාරම්කරු ත්‍රිකුණාමලය පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු පසුගිය කාලයේ හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් සහ පිස්තෝල 14ක් මෙරටට ගෙන්වා ඇති බවය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් සිදුකළ විශේෂ විමර්ශනයක් සඳහා අව්‍යශව සිටි උදයංග ලක්මාල් හෙවත් ‘ෂාටා’ පසුගිය කාලය පුරාම පොලීසිය මග හරිමින් සැඟව සිටීම හේතුවෙන් පොලීසියට ඔහුව සොයාගැනීමට මහජන සහාය පැතීමට සිදුවිය.

පොලීසිය නිකුත්කළ නිවේදනයක් සමග ‘ෂාටා’ පසුගියදා ත්‍රිකුණාමලය පොලීසියට පැමිණ භාරවී තිබුණි.

ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට රැගෙන පැමිණි සැකකරුව දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කර තිබේ.

සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු ප්‍රකාශකර ඇත්තේ තමන් පසුගිය කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් හා විදෙස් රටවල නිෂ්පාදිත පිස්තෝල 14ක් මෙරටට ගෙන්වා ඇති බවය.

අදාළ හෙරොයින් තොගය සහ පිස්තෝල 14න් 10ක් 2020 වසරේ ජනවාරි මාසයේදී බණ්ඩාරගමදී පොලීසිය සොයාගත් බවද ඔහු පවසා තිබුණි.

ඉතිරි පිස්තෝල 4න් දෙකක් බූස්ස ප්‍රදේශයේ තම සගයෙකු සතුව ඇති බවද සැකකරු එහිදී හෙළිකර තිබේ.

ඒ අනුව එම පිස්තෝල දෙක සහ පතුරම් ගැබ් 04ක් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සොයාගෙන ඇත.

අනතුරුව ‘ෂාටා’ ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img