ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය සහ විරෝධතාවය අද (24) පෙරවරුවේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී පැවැත්වුණි.
බත්තරමුල්ල, පොල්දූව මංසන්දියේදී පෙරවරු 09ට විරෝධතාවය ආරම්භ කෙරුණු අතර ඒ සඳහා විශාල පිරිසක් සහභාගි වූ බවයි සමගි ජන බලවේගය ප්‍රකාශ කරන්නේ.
ඒකාධිපති ගමනකට මුලපුරන 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මෙම උද්ඝෝෂණය සහ විරෝධතාවය පැවැත්වුණු අතර ඊට අධික වර්ෂාව නොතකා ද විශාල පිරිසක් සහභාගි වූ බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන්වත් හකුලා ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ජනතාවද ඉල්ලා සිටින්නේ එය වහාම අකුලා ගන්නා ලෙසට බවද රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය






















