Thursday, September 24, 2026
HomeNEWSරාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා-අගමැතිනිය

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා-අගමැතිනිය

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා

-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තිය තිරසාර ලෙස කළමනාකරණය කිරීමටත්, වසර ගණනාවක් පුරා පවතින වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබා දීමටත් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

එම ගැටලු නිරාකරණය කිරීම සඳහා 2026.06.22 දිනැති අංක 2494/05 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව පත් කරන ලද බව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසීය.

සමස්ත රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම, නව තාක්ෂණික හා ගෝලීය ප්‍රවණතාවලට අනුකූලව අනාගත අවශ්‍යතා පුරෝකථනය කිරීම සහ පුරවැසි කේන්ද්‍රීය, ආචාරධර්මානුකූල මෙන්ම වගකීම් සහිත රාජ්‍ය සේවයක් ගොඩනැගීමට අදාළ උපායමාර්ග ඉදිරිපත් කිරීම මෙම කොමිෂන් සභාවේ ප්‍රධාන වගකීමක් බව අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.

අදාළ ගැසට් නිවේදනයට අනුව, කොමිෂන් සභාව විසින් වසරක් ඇතුළත සිය නිර්දේශ සහිත වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දීමට නියමිත අතර, ඒ සඳහා වන යෝජනා, අදහස් හා ඉල්ලීම් වෘත්තීය සමිති, විවිධ සංවිධාන සහ මහජනතාව වෙතින් දැනටමත් ලැබෙමින් පවතින බව ද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය. එම යෝජනා අධ්‍යයනය කරමින් සකස් කෙරෙන මෙම ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව කාර්තුමය වාර්තාවක් ද ජනාධිපතිවරයා වෙත ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් අවධාරණය කළාය.

එමෙන්ම, රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව වෙනුවෙන් නඩත්තු සේවා හා වත්කම් මිලදී ගැනීම සඳහා 2026/09/18 දින වන තෙක් කිසිදු වියදමක් සිදු කර නොමැති අතර, එම දින වන විට වැටුප් හා දීමනා වෙනුවෙන් ද කිසිදු මුදලක් වැය කර නොමැති බව අග්‍රාමාත්‍යතුමිය පැහැදිලි කළාය.

කෙසේ වෙතත්, 2026 සැප්තැම්බර් මස වැටුප් ගෙවීමේදී කොමිෂන් සභාවේ නිලධාරීන් 04 දෙනෙකු වෙනුවෙන් වැටුප් හා දීමනා ලෙස දළ වශයෙන් රුපියල් 508,988.00 ක මුදලක් ගෙවීමට නියමිත බව ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
2026.09.24

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

අද සම්මත කරන 22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය...

22ක දැන්වත් අකුලා ගන්නා ලෙසටයි ජනතාව ඉල්ලා සිටින්නේ- සජබ මහ ලේකම්

ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය සහ විරෝධතාවය අද (24) පෙරවරුවේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී පැවැත්වුණි. බත්තරමුල්ල, පොල්දූව...

කොලොන්නාවේ ගංවතුර පාලන ව්‍යාපෘතිය විෂයය භාර අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට

කොලොන්නාවේ ගංවතුර පාලන ව්‍යාපෘතිය විෂයය භාර අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට......! කොලොන්නාව ඇතුළු තදාසාන්න ප්‍රදේශ වලට නිරන්තරයෙන් ඇතිවන ගංවතුර පාලනය වෙනුවෙන් ආරම්භ කර ඇති කොලොන්නාව වැසි ජල අපවහන...

22කට එරෙහි සජබ විරෝධය අද(24)

ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය සහ විරෝධතාවය අද (24) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. බත්තරමුල්ල, පොල්දූව මංසන්දියේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img