අද සම්මත කරන 22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ ප්රජාතන්ත්රවාදය විනාශ කර ගරු අධිකරණයේ නිදහස හා ස්වාධිනත්වය විනාශ කරන්න අනුර කුමාර දිසානායක රජය කටයුතු කරන බවත් මේ ව්‍යවස්ථා විරෝධී ප්රජාතන්ත්ර විරෝධී ඝාතන 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තත් සමගි ජන බලවේග රජයක් තුළ එය අහෝසි කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අසල පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය අමතමිනි.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක හැඳින්විය හැකි බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් මුළු රටම තනි පක්ෂයක් හෙවත් පැලවත්තේ පාලනයට නතු කර ගන්න මොවුන් උත්සාහ කරන බවත් මේ ප්රජාතන්ත්ර විරෝධී උත්සාහය ජනබලයෙන් ජන සවියෙන් පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
එසේම ප්රජාතන්ත්රවාදය විනාශ කරන අනුර කුමාර දිසානායක ආණ්ඩුව ගෙදර යවන බවත් මෙරට ප්‍රගතිය වෙනුවෙන් ජනතාවගේ සෞභාග්‍ය වෙනුවෙන් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා එකතු වෙන සෑම ප්රජාතන්ත්රවාදී පිරිසුදු බලවේග සමඟ එකතු වන බවත් සමගි ජන බලවේගය යනු මෙරට ජනතාවට ඇති එකම විකල්පය හෙවත් විකල්ප ආණ්ඩුව බවත් සමගි ජන බලවේගයේ ගමන ශක්තිමත් කර, ජන බලයෙන් ජන සවියෙන් අනුර කුමාර දිසානායක රජය ජන බලයෙන් පරාජය කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
තවද දැන්වත් මේ සත්‍ය හා යථාර්ථය තේරුම් ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අද පොල්දූවට පැමිණියේ ජවිපේ මෙන් පාර්ලිමේන්තුව ගිණි තියන්න නොවන බවත් එදා අරගලය සමයේ පාර්ලිමේන්තුව ගිණි තියන්න හදපු අය අද පාර්ලිමේන්තුවේ ඇති බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතාව තුළින් පරාජය කළ යුතු බවත් දුප්පත්කම තුරන් කර සෑම පන්තියක්ම ආරක්ෂා කර සමස්ත ලක්ෂ 220ම ජීවත් කළ හැකි යුගය බිහි කරන්න එක්වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

























