Friday, September 4, 2026
HomeNEWSLatest Newsඅධිකරණ අමාත්‍යාංශයේ රැකියා දෙන බවට පුද්ගලයින් රවටා කළ ජාවාරමක්

අධිකරණ අමාත්‍යාංශයේ රැකියා දෙන බවට පුද්ගලයින් රවටා කළ ජාවාරමක්

අධිකරණ අමාත්‍යාංශයේ රැකියා දෙන බවට පුද්ගලයින් රවටා කළ ජාවාරමක්

අධිකරණ අමාත්‍යාංයෙහි විවිධ රැකියා ලබා දෙන පවසමින් මුදල් ලබා ගනිමින් පුද්ගලයින් රවටා සිදුකරන ලද ජාවාරම් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

තරුණ තරුණියන් විශාල පිරිසක් ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ ලිපි පත්වීම් ලිපි සමඟින් අධිකරණ අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ දී එම ජාවාරම පිළිබඳ අනාවරණය වී ඇත.

අද (30) සහ මීට පෙර දින කිහිපයක දී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඔවුන් පැමිණ තිබූ බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඔවුන් අම්පාර, මීගමුව, දංකොටුව, ගල්කිස්ස ආදී විවිධ ප්‍රදේශවලින් පැමිණ ඇති අතර සම්මුඛ පරීක්ෂණ ලිපි ව්‍යාජ බවට ඔවුන් දැනගනු ලබන්නේ ද අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදීය.

ඔවුන්ගෙන් රු.17,500 සිට රු 185,000 දක්වා මුදල් ලබා ගෙන තිබූ අතර මුදල් ලබා දී තිබූ බවට වූ බැංකු රිසිට්පත් ද ඔවුන් සතුව තිබුණු බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම පුද්ගලයා ‘සමන්ත‘ යන නමින් පෙනී සිට ඇති අතර ඔහු සමඟ මෙම පුද්ගලයින් දුරකථන ඔස්සේ සම්බන්ධ වී මුදල් ලබා දී තිබේ.

තරුණ තරුණියන් 45දෙනෙකු පමණ මේ වන විට ඔහුට මුදල් ලබා දී ඇතැයි ද අමාත්‍යාංශය සඳහන් කරයි.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස උපදෙස් ලබා දී ඇත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img