එක් රටකට පමණක් සිය රට විවෘත කළ ඔස්ට්‍රේලියාව
කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයෙන් පසු පළමුවරට නවසිලන්ත ජාතිකයින් සඳහා පමණක් සිය සංචාරක තහනම ඉවත් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.
ඒ අනුව ලබන 16 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නවසීලන්ත ජාතිකයින්ට නිරෝධායන කොන්දේසිවලට යටත්වීමකින් තොරව නවසීලන්තයේ සිට ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැමිණීමේ හැකියාව පවතින බව ඕස්ට්‍රේලියානු රජය නිවේදනය කරයි.
වසංගත තත්ත්වයේ අවදානම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට සිය දේශසීමා වසා තැබීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගත්තේය.
අවදානම පහව යාමත් සමග දේශ සිමා විවෘත කිරීමේ පළමු පියවර ලෙස මෙලෙස නවසීලන්ත ජාතිකයින් සඳහා පමණක් සංචාරක කලාපයක් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගත් බව උප අග්‍රාමාත්‍ය මයිකල් මැක්කෝමැක් පැවසීය.
කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට නවසීලන්තයේ සංචාරය කළ හැකි දින වකවානු තීරණය කිරීම නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් විසින් සිදුකරනු ඇති බව ඔස්ට්‍රේලියානු උප අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටි.
ඔස්ට්‍රේලියාවේ සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 27,109ක් වන අතර නවසීලන්තයේ එම සංඛ්‍යාව දැක්වෙන්නේ 1,848ක් ලෙසය.






















