Thursday, October 29, 2026
HomeNEWSCOVID-19කළුතරින් හඳුනාගත් ආසාදිතයින් ගණන 116ක්

කළුතරින් හඳුනාගත් ආසාදිතයින් ගණන 116ක්

කළුතරින් හඳුනාගත් ආසාදිතයින් ගණන 116ක්

කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාසය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් රෝගීන් 116 දෙනෙකු හඳුනාගෙන ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පවසයි.

ඔහු පවසන්නේ මේ වනවිට කළුතර දිස්ත්‍රික්කය තුළ කොවිඩ් නයින්ටීන් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් 05 ක් ද වෙන්කර ඇති බවය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ද කොවිඩ් නයින්ටීන් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නව රෝහල් දෙකක් සකස් කිරීමට පියවර ගනිමින් සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, වතුපිටිවල තරුණ මධ්‍යස්ථානය හා ගම්පහ මහ රෝහල අසල ස්ථානයක් ඒ සඳහා තෝරාගෙන ඇති බවය.

මේ අතර මේ වනවිට බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් කොවිඩ් නයින්ටීන් රෝගීන් 51 දෙනෙකු හඳුනාගෙන තිබේ.

බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.පී.එස් පෙරේරා මහතා සඳහන් කළේ, ඔවුන්ගේ ආශ්‍රිතයින් සියලුදෙනාත් මේ වනවිට නිරෝධායන කටයුතු සඳහා යොමු කරඇති බවය.

මේ අතර කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් මේ වනවිට කොවිඩ් නයින්ටීන් රෝගීන් 58 දෙනෙකු හඳුනාගෙන ඇති බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සංකල්ප ගුණසේකර මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එනවා – විපක්ෂ නායක සජිත්

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට...

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හෙට(30) වැඩ වර්ජනයක

ආචාර්ය සහ සම්පත් හිඟය, අධික වැඩ බර ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙන, හෙට (30) රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ එක්දින වැඩ වර්ජනයක්: විශ්ව විද්‍යාල ආචාර්ය...

උස්බෙකිස්තානය සහ ශ්‍රී ලංකාව දක්වා සෘජු ගුවන් සේවය අරඹයි

උස්බෙකිස්තානය සහ ශ්‍රී ලංකාව දක්වා සෘජු ගුවන් සේවය අරඹයි… උස්බෙකිස්තානය පදනම් කරගත් Centrum Air සමාගම, ඊයේ (28) දින ටෂ්කන්ට් සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img