දෙපා අහිමි වුවත් උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ 3ක් ලබාගෙන සරසවි වරම් හිමිකර ගත් දිරිය දියණියක් පිළිබඳව “අද දෙරණ”ට තොරතුරු වාර්තා වුණි. ඒ හාලිඇළ, රිල්පොල ප්‍රදේශයෙනි.
සිය මවගේ දෑතේ එල්ලී පාසල වෙත පැමිණෙන මදුෂිකා දිල්රුක්ෂි හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රිල්පොල ගම්මානයේ දිවිගෙවයි.
ඇය හාලිඇළ රිල්පොල ධර්මරාජ විද්‍යලයේ ඉගෙනුම ලබයි.
උපතින්ම දෙපා අහිමි වුවත් ඇය එය කිසිම දිනක අඩුවක් ලෙස සැලකූවේ නැහැ.
මධුෂිකා පිළිබඳ ඇගේ මව සංවේදී වෙමින් මෙසේ පැවසුවාය.
“1 වසරේ ඉදලම වඩා ගෙන තමා ආවේ. යාලුවෝ තමා උදව් කරේ. අද උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට තේරිලා තියෙනවා.”
දෙපා අහිමිවීම, අධ්‍යාපන කටයුතුවලටත් බාධාවක් කර නොගැනීමට ඇය සැමවිටම වග බලාගත්තේය.
එය සනාථ වන්නේ ඇය මෙවර උසස්පෙළ විභාගයෙන් A සාමාර්ථ 3ක් ලබාගෙන විශිෂ්ඨ ලෙස සමත්වීමත් සමගය.
ධෛර්ය හා ආත්ම විශ්වාසයත් සමග ජීවිතයට මුහුණදුන් මධුෂිකා මේ වනවිට සරසවි වරම් දිනා ගත් සිසුවියකි.
“මම අපොස උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ 3ක් ලබාගැනීමට සමත්වුණා. බොහෝ දුෂ්කරතා මධ්‍යයේ.”
තමන්ට පවතින සුළු සුළු අඩුපාඩු බාධාවක් කොටගෙන ජීවිතය අසාර්ථක කරගන්නා මිනිසුන් බහුල සමාජයකට මධුෂිකා මුළු මහත් සමාජයට ම සැබෑම ආදර්ශයකි.






















