බස් ගාස්තු සංශෝධනයට අදාළ වාර්තාව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වෙත භාර දි තිබේ.
ජාතික ගමනාගමන කොමිශන් සභාව විසින් මාර්ග කොටස් 320 කට අදාලව සකස් කළ මෙම වාර්තාව අද පස්වරුවේ රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාර දී ඇති බව සදහන් වෙයි.
ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු ඉහළ දැමිය යුතු බවට බස් සංගම් ප්‍රකාශ කළේය.
ඒ අනුව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ බස් සංගම් නියෝජිතයින් අතර පසුගියදා විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණි.
එහිදී බස් සංගම් ප්‍රකාශ කර සිටියේ තමන්ට ඉන්ධන සහනාධාරයක් ලබාදිය නොහැකි නම් අනිවාර්යෙන්ම බස් ගාස්තු ඉහළ නැංවිය යුතු බවය.
කෙසේවෙතත් එම සාකච්ඡාවට එක්වූ ජාතික ගමනාගමන කොමිශන් සභාවේ නිලධාරීන් බස් ගාස්තු සංශෝධනයට අදාල වාර්තාව සකස් කිරීම සදහා දින 4 ක කාලයක් ඉල්ලා සිටියේය.
ඒ අනුව සකස් කළ වාර්තාව දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාර දී ඇති අතර හෙට දිනයේදී ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
නව සංශෝධනයට අනුව සාමාන්‍ය සේවා, සුඛෝපභෝගී, අර්ධ සුඛෝපභෝගී මෙන්ම අධිවේගී මාර්ගවල බස් ගාස්තු ද ඉහළ යනු ඇති.
දැනට ක්‍රියාත්මක අවම බස් ගාස්තුව රුපියල් 16 ක් දක්වා ඉහළ යනු ඇති බව ද වාර්තා වෙයි.






















