Sunday, September 13, 2026
HomeNEWSයුනාන් - ශ්‍රී ලංකා වෙළඳාම හා ආයෝජන වැඩි දියුණු කෙරේ.

යුනාන් – ශ්‍රී ලංකා වෙළඳාම හා ආයෝජන වැඩි දියුණු කෙරේ.

2023.10.22
යුනාන් – ශ්‍රී ලංකා වෙළඳාම හා ආයෝජන වැඩි දියුණු කෙරේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන යුනාන් පළාත් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපති චීන කොමියුනිස්ට් පක්ෂයේ යුනාන් පළාත් කමිටුවේ (CPPCC) උප සභාපති, ගාඕ ෆෙන්ග් ගේ (Gao Feng) ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිස අතර හමුවක් 2023.10.20 දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

පසුගිය අගෝස්තු මාසයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ යුනාන් නිල සංචාරය අතරතුරදී ඉදිරිපත් කරන ලද වෙළෙඳ හා ආයෝජන යෝජනා පිළිබඳ පසු විපරම් සැලසුම් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.
අග්‍රාමාත්‍යවරයා සිය චීන නිල සංචාරයේදී යුනාන් කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය, කුන්මිං ජාත්‍යන්තර මල් වෙළඳ මධ්‍යස්ථානය සහ වෙන්දේසිය, යුනාන් සූර්ය බලාගාරය, ගුෂෙන් ගම්මානයේ පර්යේෂණාත්මක කුඹුරු ක්ෂේත්‍රය, එර්හායි පාරිසරික කොරිඩෝව සහ ෂියාගුවාන් ටුඕචා තේ පර්යේෂණ මධ්‍යස්ථානය වෙත සංචාරය කළේය.

අරලියගහ මන්දිරයේදී පැවත්වූ මෙම හමුවේදී යුනාන් සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳාම සහ ආයෝජන වැඩි දියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙරට වාණිජ හා කර්මාන්ත මණ්ඩලවල ඉහළ පෙළේ නියෝජිත පිරිස සහ යුනාන් හි ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයින් විසින් සවිස්තරාත්මක සාකච්ඡාවක් පවත්වන ලදී.
චීන කොමියුනිස්ට් පක්ෂ යුනාන් පළාත් කමිටුවේ උප සභාපතිවරයා, මෙරට සංචාරයෙන් ශ්‍රී ලංකාව සහ යුනාන් පළාත අතර සමීප සබඳතා ඇති කර ගැනීමට ඇති උනන්දුව පැහැදිලි කළේය.
තේ, වී සහ අනෙකුත් භෝග, මැණික් හා ස්වර්ණාභරණ සහ සංචාරක ව්‍යාපාරය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට සාකච්ඡාවේදී තීරණය විය.
වෙළඳාම, සංචාරක, කෘෂිකර්මාන්තය, තාක්‍ෂණය සහ සූර්ය හා සුළං බලශක්තිය සඳහා වන ආයෝජන සහයෝගීතාවයේ විභව ක්ෂේත්‍ර ලෙස හඳුනා ගන්නා ලදී.
“ශ්‍රී ලංකාව සහ යුනාන් අතර බොහෝ සමානකම් පවතින අතර චීනයේ ඉතා සුවිශේෂී මිතුරෙකු වන ශ්‍රී ලංකාව සමඟ සමීප සහයෝගීතාවයක් ඇති කර ගැනීමට උනන්දු වන බව යුනාන් පළාත් කර්මාන්ත හා වාණිජ මණ්ඩල සභාපති වරයා මෙහිදී සඳහන් කළේ ය.
තමන් යුනාන් සංචාරයේදී ඇතිකරගත් එකඟතා ඉදිරියට ගෙනයාමට නියෝජිත පිරිසගේ සංචාරය ප්‍රයෝජනවත් වනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

චීන වාණිජ මණ්ඩල ප්‍රධානීන්, යුනාන් හි ප්‍රමුඛ ව්‍යවසායකයින්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, පියල් නිශාන්ත, චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශන දෙනිපිටිය, ඩබ්ලිව්. ඩී. වීරසිංහ, යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය ආයතන හා වාණිජ මණ්ඩල නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුරයට පැමිණි ජනතාවට ආචාරය- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ජය ශ්‍රී මහා බෝධි හාමුදුරුවෝ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑය දරා සිටින මහා පින් බිමක් වන ඓතිහාසික අනුරාධපුරයෙන් ඊයේ (12) දින අපි ආරම්භ කරනු...

ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අනතුරකට

පුද්ගලයින් 243 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අතුරුදන්; 140 ක් සොයා මෙහෙයුම්; 103 දෙනෙකු බේරා ගැනේ; ඉන් එක් අයෙකු මිය යයි: විදෙස්...

වංචනිකයින්ට දූෂිතයින්ට කිසිදු සමාවක් නෑ- ජනපති පොළොන්නරුවේදී අවධාරණය කරයි

ආණ්ඩුව කිසිඳු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොමැති කරුණු දෙකක් පවතින බවත්, ඉන් එකක් පාතාලය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ,...

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට හූති සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක්

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන සහය ලබන යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කරයි: විදෙස් මාධ්‍ය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img